English
සිංහල
23:48 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍යවේදියාට STF ම්ලේච්ඡ ලෙස පහරදීලා. පොලිසිය පළිගනිද්දී, “හිරු” වැටුපත් කොල්ල කාලා. හේමන්තව වහාම නිදහස් කරනු!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • නීති විරෝදීීී පැහැරගැනීමක්.
    • විශේෂ කාර්ය බලකාය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් උල්ලංඝණය කරලා.
    • පොලිසියට බාරදීල තියෙන්වෙ යට ඇදුමින්.
    • පැහැර ගැනීම කල සියලුම නිලධාරීන්ට වෙන වෙනමම අපරාධ නඩු පැවැරිය හැකියි.
    • ⁣ගෙන්නගෙන තියෙන්නෙ කෝල් කරලා.
    • මහජනතාව ඉදිරියේදී පහර දී අත් අඩංගුවට ගෙන තියෙන්නෙ උසස් පොලිස් නිලධාරියෙකුගේ නියෝගයෙන්.
    • ⁣නිවසට තොරතුරු දෙන්න කලින් මාධ්‍යයට ඡයාරූප නිකුත් කරලා.
    • මහජනයා ඉදිරියේදීම ම්ලේච්ඡ ලෙස පහරදීලා.
    • හිරේ සිටියදීම විශිෂ්ඨතම මාධ්‍යවේදියෙක් ලෙස සම්මාන ලබයි.
    • විශේෂ කාර්ය බලකාය චෝදනා ලබන්නේ උසස් පොලිස් නිලධාරියාගේ පුද්ගලික පලිගැනීමට අවස්ථාව ලබාගත් නිසාද?
    • ජඩ මාධ්‍ය භාවිතයත් හේමන්තගෙන් පළිගත් හැටි.


    හිරු වෙබ් අඩවියේ සේවය කරමින් සිටි මාධ්‍යවේදී හේමන්ත ලියනපතිරණව සැප්තැමිබර් 24 වෙනිදා සවස මීගොඩ දී පැහැරගෙන ගොස් පසුව ඔහුට අමානුෂික ලෙස පහර දී එදිනම රාත්‍රියේ අවිස්සාවෙල්ල පොලිසියට බාර දී ඇත.

    ඔහු මේ වන විටත් මාස 03 ක කාලයක් කුරුවිට රක්ෂිත බන්ධනාගාරයේ රදවා තබාගෙන සිටියි .

    ලියනපතිරණව අවිස්සාවේල්ල පොලිසීයට බාර දෙන විට ඔහුගේ ඇගේ තිබි ඇත්තේ යට ඇදුම පමණි . අවිස්සාවේල්ල පොලිසිය මගින් සැප්තැම්බර් 26 වෙනිදා පාන්දර ලියනපතිරණව පහර දීම නිසා හටත් පපුවේ වේදනාවක් නිසා ඔහුව අවිස්සාවේල්ල රෝහලට අතුළත් කර තිබිණ.

    මාධ්‍යවේදි ලියනපතිරණට ඔලබොඩ වත්තේ කසුන්ගේ ඥාතීයෙකු ලවා දුරකතන ඇමතුමක් දී ගෙන්වා ගත් පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළු ඔහුගේ අත් දෙක පිටු පසට කර මංජු දමා ඔලුවට පොලිතීන් බැග් එකාක් බස්සවා හුස්ම ගිරවෙනකම් අල්ලා ගෙන සිට ඇති බවත් පසුව ලියනපතිරණගේ ඇග මත නැගගත් විශේෂ කාර්ය බලකා සෙබළුන් තිදනෙක් පාපුවට සහ මුහුණට පහර දුන් බව ඔහු සිය බිරිදට පවසා ඇත.

    ඔලබොඩ කසුන් යනු කෑගල්ල තල්දුව ප්‍රදේශයෙදී ත්‍රීරෝද රථයකින් ගමන් කළ තරුණයන් 04 දෙනෙකුට වෙඩි තැබු සිද්ධියේ වෙඩිකරු බවට පොලිසීය සැක කරයි . යතුරුපැදියකින් පැමිණ එම වෙඩි තැබිම සිදු කර ඇත. වෙඩි තැබු අවස්ථාවේ එම ස්ථානයෙදීම එක් තරුණයෙකු මිය ගොස් ඇති අතර පසු රෝහල් ගත කර මාස ගණනාවකට පසු තවත් තරුණයන් දෙදනෙක් මිය ගියහ .

    මාධ්‍යවේදී ලියනපතිරණව පැහැරගෙන ගොස් අමානුෂික වධබන්ධනයන් පමුණුවා ඇත්තේ පාතාල නායකයෙකු යැයි පොලිසීය සදහන් කරන මන්නා රමේෂ් නැමැත්තා සමග සම්බන්ධතා පැවැත් වුවා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි .මාධ්‍යවේදී ලියනපතිරණට එරෙහිව පොලිසීය අවිස්සාවෙල්ල අධිකරණයේ නඩු පවරා ඇත්තේ මන්න රමේෂ්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින්ය .

    මාධ්‍යවේදී ලියනපතිරණව එම නිවසට ගෙන්වා ගත් විශේෂ කාර්ය බලකායේ සෙබළුන් , ඔහුව අත්අඩංගුවට ගෙන පහරදී ප්‍රශ්න කර මුදා හැර ඇති අතර පසුව ලියනපතිරණව නැවතත් මීගොඩ පාසල අසල දී පැහැර ගෙන ගොස් ඇත. ඔහුව මීගොඩ පාසල අසල එළවළු කඩයක් ලග දී විශේෂ කාර්ය බලකා සෙබළුන් ඔහුව බිම දමාගෙන පහර දී ඇති අතර , ලියනපතිරණ තමා බේරා ගන්නැයි කෑ ගසද්දී , ඔහුව බේරා ගැනීමට එම ස්ථානයේ සිටි මහජනයා පෙරට එද්දී , අපි විශේෂ කාර්ය බලකායේ යැයි සිවිල් ඇදුමෙන් සිටි පුද්ගලයෙක් හැදුණුම්පත් පෙන්වා පවසා ඇත. පසුව මහජනයා බලාගෙන සිටියදී විශේෂ කාර්ය සෙබළුන් ලියනපතිරණව සුදුපාට කේ ඩි එච් වාහනයක දමාගෙන රැගෙන ගොස් ඇත. ඔහුව මීගොඩ පාසල අසලදී අල්ලාගෙන ඇත්තේ යතුරු පැදිවලින් පැමිණි සිවිල් කණ්ඩායමක් විසනි . කේ ඩි එච් රථය පැමිණ ඇත්තේ ඉන් පසුව බව මහජනයා පවසති .

    කසුන්ලාගේ නිවසට ඔහුව ගෙන්වාගෙන අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී මුදා හල පසු ඔහුව නැවත අත්අඩංගුවට ගන්නැයි විශේෂ කාර්ය බලකයේ සෙබළුන්ට නියෝග කරන්නේ පොලිසීයේ ඉහල නිලධාරියෙකි . මෙම පොලිස් ලොක්කා මාධ්‍යවේදී ලියනපතිරණ අරුණ පුවත්පතේ” සහන මැදීය” නමින් ලියන ලද විශේෂාංගයෙන් බැට කෑ නිලධාරියෙකු ද යන්න සැකයක් පවති . ඔහු එම විශේෂාංගයෙන් පොලිසීයේ දුෂණ වංචා , පොලිසිය මහජනයාට සිදු කරන අසාධාරණකම් සහ පොලිසීයේ ඉහල නිලධාරීන්ගෙන් පීඩා විදින පහල පොලස් නිලධාරීන් ගැන මෙන්ම පොලිස් කාන්තාවන්ට පොලිසීයේ ඉහල නිලධාරීන් සිදු කරන ලිංගික අඩම්තෙට්ටම් ගැන ද හෙළි කළේය .

    ලියනපතිරණව පැහැර ගන්නා විට ඔහු හිරු වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කරමින් සිටි අතර ඊට පෙර ඔහු දෙරණ මාධ්‍ය ආයතනයේ ද සේවය කොට ඇත. ලියනපතිරණ මීගොඩ මාධ්‍යවේදීයා ලෙස ප්‍රසිද්ධියක් උසුලයි . ඔහු මන්න රමේෂ් සමග සම්බන්ධතා පැවැත් වුයේ වෘත්තීය අවශ්‍යතායක් සදහා ද නැතිනම් වෙන අවශ්‍යතාවයක් සදහා යන්න සොයා බලා අවශ්‍ය නම් ලියනපතිරණගේ දුරකතන පවා පරික්ෂා කර ඔහුව නිත්‍යානුකුලව අත්අඩංගුවට ගැනීමේ හැකියාව තිබියදීත් ලියනපතිරණ පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දීම පිටුපස රමේෂ්ගේ සිද්ධිය පටලවා සිදු කරන පලිගැනීමක් ද යන්න පිළිබද බරපතළ සැකයක් මතු වෙයි . නිත්‍යානුකුල අත්අඩංගුවට ගැනීම වෙනුවට පැහැරගෙන ගොස් වධබන්ධනයන්ට ලක්කර කිරීම මගින් පොලිසිය රටේ මුලික නීතිය මෙන්ම මානවහිමිකම් කඩ කරයි .

    මාධ්‍යවේදී ලියනපතිරණ සැප්තැම්බර් 24 වෙනිදා පුතාව පාසලෙන් අරගෙන ගෙදරට ගෙනත් දලා , වැඩකට යනවා කියලා ගෙදරින් පිටව ගොස් ඇත . ඉන් පසු කීප වතාවක් ඔහුගේ බිරිද සහ දුව ඔහුගේ දුරකතනයට කතා කළත් ලියනපතිණ කතා කර නැත . සවස 2.30 ට පමණ කතා කළා . කෙහෙද ඉන්නේ ? දුවට සනීප නැහැ කිව්වාහම බෙහෙත් අරගෙන දෙන්න එන බව පවසා ඇත. පසු ඔහුගේ බිරිද වන උදේනි කුමාරි ඔක්තෝම්බර් 25 වනදා ස්වාමී පුරුෂයා ගැන ආරංචියක් නැති තැන මීගොඩ පොලිසියට ගොස් සී. ආර් .පී .(2) 135/ 21 අංකය යටතේ සැමියා අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් දමා ඇත. එදිනම සවස ලියනපතිරණගේ බිරිදට අවිස්සාවෙල්ල පොලිසියෙන් කතා කර බඩු ගෙනියන්න එන්නැයි කියා ඇත . බඩු මොනවාදැයි ඔහුගේ බිරිද ප්‍රශ්න කළ විට හේමන්තව ගෙනියන්න එන්නැයි පවසා ඇත.

    සැප්තැම්බර් 25 සවසම කුමාරි අවිස්සාවෙල්ල පොලිසියට යන අතර එහි දී එම පොලිස් කුඩුවේ රදවා සිටි ලියනපතිරණව ඇයට පෙන්වා ඇත. ඔහුගේ මුහුණ කට ඉදිමි තිබුනු බවත් කතා කර ගන්නට නෙහැකි තත්වයක පසු වු බව කී කුමාරි නීතිඥවරයෙකු රැගෙන එන්නැයි ලියනපතිරණ පැවසු බවත් ඇය අප සමග කීය . ඔක්තෝම්බර 26 වනදා කුමාරි නීතිඥයෙකු සමග පොලිසියට ගොස් ඇත. ඔක්තෝම්බර් 27 වනදා සවස ලියනපතිරණව රෝහලේ සිට රැගෙනවිත් අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඇත . කුමාරි තම ස්වාමීයාව පැහැරගෙන ගොස් වධංහිසා පැමිණීම සම්බන්ධයෙන් මානවහිමිකම් කොමිසමට ද පැමිණිලි කර ඇත.

    ජඩ මාධ්‍ය භාවිතාව

    මීගොඩ මාධ්‍යවේදීයාට වැඩ වරදී යැයි සමහර විද්‍යුත් මාධ්‍ය වල ප්‍රවෘත්ති ඵල විය. ලියනපතිරණ අවුරුදු ගණනාවක් දෙරණ මාධ්‍ය ආයතනයේ සේවය කළ මාධ්‍යවේදියෙකි . දෙරණ ද ඔහුව වරදකරු කරමින් ප්‍රවෘත්තී ඵල කෙරිණි. විශේෂයෙන් දෙරණ ආයතනයේ වැඩ කළ මාධ්‍යවේදියෙකු වශයෙන් පොලිසිය කියන දේ පමණක් විශ්වාස කරනවා වෙනුවට මිට වඩා වැඩි වටිනාකමක් ලියනපතිරණට දිය යූතු තිබුණි . ලියනපතිරණ එරෙහිව පොලිසීය මොන චෝදනා ඉදිරිපත් කළ ද ඔහු තවදුරටත් සැකකරුවෙක් පමණි . මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහර දී ඝාතනය කළ සමන්ත ගාල්ල තෙල්වත්තේ පොඩි ලැසිගේ ගෝලයෙකු යැයි දෙරණ ප්‍රවාත්ති ඵල කළේය . සමන්ත නාරාහෙන්පිට වෘත්තීය පුහුණු අධිකාරීයේ සහකාර කළමනාකරුවෙක් වශයෙන් සේවය කරමින් සිටියදී මෙසේ පැහැරගෙන ගොස් මරා දමන ලදී . මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඔහුව පැහැරගෙන ගොස් මරා දමා ඇත්තේ කොන්ත්‍රාත් එකකට බව වාර්තාවේ. .

    මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරගතව සිටි . නමුත් දෙරණ තමන්ගේ නාලිකාවෙන් ප්‍රචාරය කළේ කොළඹට මත්ද්‍රව්‍ය බෙදාහැරින හා පාතාල නායකයෙකු යැයි පොලිසිය හදුන්වන පොඩි ලැසීගේ ගෝලයෙකු බවය . දෙරණ මේ ඵල කළ පලමු හෝ අවසාන ප්‍රවෘත්තිය නොවෙයි .

    මෙහිදි විද්‍යුත් මාධ්‍ය , සමාජ මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය කියා වෙනසක් නැත. කුඩ්ඩා ( සමන්ත) මත්ද්‍රවය නාශක නිලධාරීන්ට පහර දි පැන යන්නට උත්සහ කරද්දි මිය ගොස් ඇතැයි ලංකාදීප පුවත් පත එම සිද්ධිය වාර්තා කර තිබුණි. විකල්ප පුවත්පත් වලට පමණක් එම චෝදනාවෙන් දමා ගැසිය නොහැකිය .

    ලියනපතිරණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැහැර ගෙන යද්දී , ඔහු සේවය කළේ හිරු වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු වශයෙනි . නමුත් මෙම සිද්ධීය සැලවිමත් සමග හිරු වෙබ් අඩවිය අයත් Lotus Technologies (private) Limited ආයතනයේ විධායක අධ්‍යක්ෂක වින්සන්ට සිල්වා ඔක්තෝම්බර් 02 වනදා ලිපියක් මගින් ,ලියනපතිරණ අපරාධ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම නිසා ආයතනයේ ප්‍රතිරූපයට සහ කීර්තිය බරපතළ ලෙස හානි කිරීමේ හැකියාවක් ඇති නිසා වැටුප් රහිතව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ රැකියාව අත්හිටුවන බව දැනුම් දී ඇත. ලියනපතිරණට අපරාධ චෝදනාවක් එල්ල වි ඇති නිසා ඔහුගේ රැකියාව අත්හිටු වීමට එම ආයතනයට අයිතියක් ඇතත් සැප්තැම්බර් මාසයේ ඔහුගේ වැටුප කොල්ලකන්නට හිරු ආයතනයට අයිතියක් නැත.

    මේ රටේ කම්කරු -පීඩිත මහජනය හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රතිරූපය හා කීර්තිය ගැන නොදනීද? දුමින්ද සිල්වා යනු රෙනෝ සිල්වාගේ සොහොයුරෙකි. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කරන්නේ එවකට දුමින්ද සමග සිටි පාතාලයන් විසිනි . දෙමටගොඩ චමින්ද මැරවරයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි .ප්‍රේමචන්ද්‍ර ඝාතනයට වදකරු වි ඔහු සිටින්නේ පල්ලේ කැලේ සිරගෙදරය . දුමින්ද සිල්වාට මත්කුඩු ජාවාරම් කළ බවට චෝදනා පවා එල්ල වි ඇත. සියත රූපවාහිනියට සහ මාලඹේ තිබු ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්යාලයට ද ගිනි තබා විනාශ කරන්නේ ද සිල්වාගේ පාතාලයෝ බවට චෝදනා එල්ල විණ . එවකට ලියුම්නරු මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළේ ලංකා ඊ නිව්ස් ‌ෙවබ් අඩවියේය . ප්‍රේමචන්ද්‍ර සිද්ධියට දුමින්ද රෝහල් ගතවිමත් සමග කඩුවෙල කරාටි ධම්මික , කටා රෝෂාන් සහ ස්වාරපොල බන්දු ආරක්ෂක අංශ මගින් මරා දමන්නේ දුමින්ද සිල්වා ඔවුන් මෙහෙවා සිදු කළ මාධ්‍ය ආයතන ගිනි තැබිම් සහ මිනී මැරුම් හෙළි වෙතැයි බියෙනි . එවකට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහය ඇතිව පාතාල කණ්ඩායමක් මෙහෙයු දුමින්ද සිල්වාගේ පවුලට අයත් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රතිරූපය සහ කීර්තිනාමය ගැන කතා කිරීම ලියුම්කරුට අනුව විකාරයකි .

    ශ්‍රී ලංකා පුවත් පත් ආයතනය සහ කර්තෘ සංසදය මගින් සෑම වර්ෂයකම සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළලෙ (2022) වර්ෂය සදහා සිංහල මාධ්‍ය වෙනුවෙන් පිරිනැමෙන සුවිශේෂී තත්වයන් යටතේ විශිෂ්ටත වාර්තාකරණයට හිමි මහාචර්ය කායිලාසපති සම්මානය මෙවර හිමි කරගෙන ඇත්තේ අරුණ පුවත්පතේ ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ හේමන්ත ලියනපතිරණ විසින්ය .

    මෙම සම්මානය පිළිබදව මාධ්‍යවේදී ලියනපතිරණ හෝ ඔහුගේ බිරිද වන උදේ කුමාරි දැන නොසිටි අතර ලියනපතිරණ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින බවක් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය හෝ කර්තෘ සංසදය දැන සිට නැත. අරුණ පුවත්පතේ මාධ්‍යවේදියෙකුට පිරිනැමුණු එම සම්මානය ලබා ගන්නට තරම් පිටකොන්දක් ඇති මාධ්‍යවේදියෙකු එහි නොසිටිම පුදුමයක් නොවෙයි . අධිකරණයටත් කලින් ඊනියා මාධ්‍ය හැතිකරය ලියනපතිරණව වරදකරුවෙක් කර හමාරය.

    මෑතකදි ඩුබායි සිට පැමිණි තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි . ඔහු නමින් චතුර්ක වන අතර නිට්ටඹුව ප්‍රදේශයේ තරුණයෙකි . පසුව මොහුගේ ඥාතීන් මේ ගැන සිරකරු අයිතිවාසිකම් සුරැකිමේ ව්‍යාපාරයට දැනුම් දී ඇත. එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂක නීතිඥ සේනක පරේරා සහ අධ්‍යක්ෂක මණ්ඩල සභාපති සුදේශ් නන්දිමාල් කටුනායක ගුවන්තොටුපලට ගොස් චතුර්ක පිළිබද විමසා ඇති අතර එහි දී රාජගිරියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නන්දන සිල්වාට ඔහු බාරදුන් බව පවසා ඇත . පසුව නීතිඥ පෙරේරා සහ නන්දිමාල් රාජගිරිය විශේෂ කාර්ය බලකා කදවුරට ගොස් චතුර්ක ගැන විමසද්දී එහෙම අයෙකු මෙහි නැතැයි කියා ඇත. නන්දන සිල්වා එම අවස්ථාවේ කදවුරේ සිට නැත. . චතුර්ක එහි නැතැයි කී පසු නිතීඥ පෙරේරා සහ නන්දිමාල් බෞද්ධාලෝක මාවතේ පිහිටි විශේෂ කාර්ය බලකා මුලස්ථානයට ගොස් චතුර්ක ගැන විමසා ඇත . එහෙම අයෙක් මෙහි නැතැයි පිළිතුරු වශයෙන් දී ඇත. පසුව මෙම අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සාකච්ජාවක් තබා නන්දිමාල් හෙළි කළ අතර චතුර්කව කටුනායක ගුවන් තොටුපලෙන් බාර දී ඇත්තේ රාජගිරියේ විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී නන්දන සිල්වාට බවත් සදහන් කළේය . මාධ්‍ය සාකච්ජාවෙන් අනතුරුව නැවතත් රාජගිරියට ගොස් චතුර්ක ගැන විමසද්දී , ඔහු සීතාවක අපරාධ කොට්ඨාශය බාරදුන් බව පවසා ඇත. පසුව ඔහු සමග නීතිඥ පෙරේරා සහ නන්දිමාල් කතා කිරීමට අවස්ථාවක් ලැබි ඇත .

    සීතාවක අපරාධ කොට්ඨාශයෙන් චතුර්කව ගගක් ලගට රැගෙන ගොස් ගගට තල්ලු කිරීමට උත්සහ කළ බව ඔහු නීතිඥ සේනකට හෙළි කර ඇත. නීතිඥ පෙරේරා චතුර්කව ඉක්මනින් රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අවශ්‍ය කටයුතු කරන ලදි .චතුර්ක රදවා ඇත්තේ කුරුවිට රක්ෂිත බන්ධනාගාරයේය. (උපුටාගැනීම. lankaskynews.com)

    ශාන්ත විජේසුරිය විසිනි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version