වැලිපැන්න, පල්ලේගොඩ මාර්ගයේ තිබී නාදුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
වැලිපැන්න පොලීසියට ලද තොරතුරක් මත මළසිරුර සොයාගත් බවට පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ, අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසු වන පුද්ගලයෙකු බව සඳහන්.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මළ සිරුර කළුතර, නාගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














































