English
සිංහල
18:22 බ්‍රහස්පතින්දා, මැයි 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හමුදා බලධාරීන් ප්‍රචණ්ඩ පක්ෂ බලයට ගෙන ඒමට සැලසුම් කරද්දී නීතියේ අඳුරු මුල්ලකට කුඩා පහනක් දැල් වු විශිෂ්ඨ අධිකරණ තීන්දු තුනක්!.

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සිරි ලංකාව අරගලයෙන් පසු බිහිකළ අනුප්‍රාප්තික ජනාධිපති ගේ ධුර කාලය වසර එකහමාරකට ආසන්න යුගයක පසුවේ.ඒ කාලය තුල ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් මේ වන විට ණය වාරික දෙකම ලබාගෙන ඇත.ගෝටාභය විසින් ආරම්භ කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සෑහෙන දුරක් පැමිණ ඇත.ඒ අතරේ ලංකාවේ බලශක්ති අර් බුධය පැලැස්තර ක්‍රමයට ඉදිරියට ගොස් ඇත.දකුණෙන් තවත් දැවැන්ත දේශපාලන ව්‍යාපාරිකයකු විජේසේකර පවුලෙන් බිහි කර ඇත.දේශීය ව්‍යාපාරිකයකු වෙත එප්පාවල පොස්පේට් නිධිය පවරා ඇත.එහෙත් ඒ පිටුපස හස්තය රාජපක්ෂලා ගේ සේනාධිපතිගේය.චාමර සම්පත් එය භාර ඇමතිය.රටේ අධ්‍යාපන ඇමති කෙනෙක් ඇත්දැයි නොදැනේ.අධ්‍යාපනයට වැය කරන මුදල සිතීමටවත් නොහැකි සුළු මුදලකි.රට හැර යන ප්‍රමාණයත්,නැති බැරිකම් කනිපින්දම් කීම නිසා විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් වැඩි වී ඇත.රජය ඒ ගැන සංඛ්‍යා දත්ත ලබා දෙන්නේ දැයි නොදනිමි.රටේ ආර් ථිකය මදක් යහපත් වී ඇතැයි කියන්නේ විදේශ සංචිත ඒ හරහා ශක්තිමත් වී ඇති බැවිනි.රටේ ජනතාව රටේ ආර් ථිකය වෙනුවෙන් කරන කැප කිරීම් හා දායකත්වය ගැන පැසසුමක් නැතත් ඒ සියල්ල ජනාධිපතිවරයා ගේ දක්ෂකම යයි කියමින් අනුප්‍රාප්තික ජනාධිපති වරයා මැතිවරණයකට සැලසුම් සකසා ඇත.සහනාධාර මැතිවරණ පැකේජයකින් සුපුරුදු ක්‍රමයට චන්ද දිනීමට බලය ගැනීමට ඔහුට රාජ්‍ය බලය තිබේ.ඔහු එය ඉටු කරගනිමින් සිටි.

    පක්ෂයක්,විපක්ෂයක් ආණ්ඩු පක්ෂයක් නැති අමුතුම දේශපාලන මිශ්‍රණයක් මේ මොහොතේ ලංකාවේ ක්‍රියාත්මක වේ.එම මිශ්‍රණය ජනතා හිතකාමී වනවාට වඩා ඔවුනගේ පැවැත්ම සම්බන්ධ ගැටළු වලට විසඳුම් සොයන බව පෙනේ.පිල් මාරු කිරීම් කඳවුරු ගොඩ නැගීම් චරිත පිම්බීම හා නැවත හොරගල් අහුලමින් දේශපාලනයට පැමිණීම හැර රටේ විශාල අර් බුධයක් පවතින බව හෝ ඒවාට විසඳුම් සෙවිය යුතු බව ට මේ පිරිසට වගේ වගක් නැත.එලෙසම ජනතාව ද නැවත නැවතත් එම නාටක රසවිඳිමින් අනුර කුමාර දිසානායක ගෝටාභය අභිෂේක කල ලෙසින්ම අභිෂේක කිරීමට පෙළ ගැසී සිටිති.තමන්ට ඊලඟ වසර 05 දී සිදු විය යුතු දේ ගැන ජනතාවට අවබෝධයක්,උවමනාවක්,හැඟීමක් නැත.ලෝකයේ බිංදුවට වැටුණු රටවල්,යුද්ධ නිසා බිමට සමතලා වුණු රටවල් වල ජනතාව එලෙස හැසිරෙන්නේ නැත.හැසිරී ද නැත.ඔවුන් තම දායකත්වය දිය යුතු උපරිමයට ගොස් රටවල් ගොඩ නගා ඇත.ජනතාවගේ දායකත්වය නොව පාලකයාගේ හැකියාව ගැන කවි ගී ලියන සංස්කෘතිය අවසන් කර අපේ රටේ සැබෑවට වැඩකරන ජනතාව ඔවුන් මේ මොහොතේ දේශීයව,විදේශීය ව මේ අවුලෙන් රට ගොඩ නැගීමට ගන්නා උත්සාහය ගැන අවබෝධයකින් හා අභිමානයකින් පසු විය යුතුය.එය ජනතාවට හිමි කර නොදෙන දේශපාලනයට එරෙහිව ජනතාව පාරට එන යුගයක් ලඟදි බිහි වෙන බව මේ යන ආකාරයෙන් දැනේ.

    රටේ සතියෙන් සතියට දිවෙන අලුත් ම නාටක අතරේ වැදිබණ දෙසු මිහින්තලේ චීවරධාරී ගේ අසභ්‍ය වීඩියෝ පටයක් නිකුත් වී තිබුණි.ඔහු මලින් උපන් සිද්ධාර් ථ ,අශෝක අධිරාජ්‍යයාගේ පුත් මහින්ද යයි සිතා ලංකාවේ ජනතාව හා මාධ්‍ය ඔහුව පුම්බා තබන විට,මිහින්තලයේ සමස්ථ ආර් ථිකය අයිතිකර ගනිමින් මහා මාර් ග වල වී වේලමින් පවා ගිලගෙන සිටින පුද්ගලයකු බව අපි දිගින් දිගටම අනාවරණය කළෙමු.ඔහුගේ ලිංගික කරුණු අපට ද ලිවීමට තොරතුරු ලැබී තිබුණත් ඒවා පෞද්ගලික ඒවා නිසා සැබවින්ම ඒ ගැන අපගේ අවධානය අඩුය. කෙසේ නමුත් ඔහුගේ ක්‍රියාදාමය ඔහුගේ ආර් ථික වපසරිය පවත්වාගෙන යාමේ ම්හෙයුමක් බව පැහැදිලිය.

    වැඩ බලන පොලිස් පති ගේ යුක්තියේ මෙහෙයුම ගෝටාභය ගේ මෙහෙයුමක දිගුවක් වන අතර ධම්මික පෙන්වා ටිරාන් පොදු අපේක්ෂකයා ලෙස ජනගත කිරීමේ මෙහෙයුමකි.අවශ්‍ය අය ව අත්අඩංගුවට පත්කර ආරක්ෂාව දීමත් එහි අරමුණකි.දේශබන්ධුට එරෙහිව සමාජ මාධ්‍ය වල අදහස් දැක්වීමට එරෙහිව දිගු මාධ්‍ය මෙහෙයුමක්ද දියත් වී තිබේ.කිසිවකු මත්ද්‍රවය වැලැක්වීම කෙරෙහි විරෝධතා නොදක්වති.එහෙත් ඒවාට ඇබ්බැහි වූ තරුණය න් ගේ ජිවන අපේක්ෂා,අනාගත අපේක්ෂා,දරිද්‍ර තාවයෙන්, ගොඩ ගැනීමේ හා ගොඩ නැගීමේ ක්‍රම මෙන්ම ,තාරුණ්‍ය අවබාවිතය වැළක්වීමේ ක්‍රමයක්,ක්‍රමවේදයක් හෝ ආර් ථික, සමාජීය වශයෙන් ඔවුනට අභිමානයක් ගෙන දෙන ජිවිතයක් ලබා දීම වෙනුවෙන් මෙහෙයුම් දියත් වන්නේ නැත.මේ කරුණ නිසාම ඊලඟට පත්වන දේශපාලන බලාධිකාරිය අනිවාර්යයෙන්ම් මේ කරුණ ට අත නොතබන්නේ නම්,අලුත් ලංකාවක් ගැන නොව 88-89 සිරි ලංකාවක් අපිට බිහිවේ.ටිරාන් ගේ පොදු අපේක්ෂක ආගමනය, මේ භිය රනිල් වික්‍රමසිංහගේ පොදු අපේක්ෂකත්වයට වඩා වැඩියෙන් දනවයි.යුක්තිය මෙහෙයුම එයට සාක්ෂි සපයන්නේ තරුණයන් ලණු වලින් ගැට ගසා හුස්ම හිරකර,පහර දී බලය පැතිරිවිමට ටිරාන් හා දේශබන්ධු ප්‍රසිද්ධියේ කටයුතු කරනු දැකීමෙනි.
    ජවිපෙ ආණ්ඩුවක මානව නිදහස ගැන,ප්‍රචණ්ඩත්වය ගැන කලබල වෙන ඕනෑම අයකු ටිරාන් පොදු අපේක්ෂකයා වීමෙන් සිදු විය හැකි දේ මෙන්ම ජවිපය ටිරාන් සමග එකතු වීමෙන් ඇති විය හැකි දේ ගැනද සාධාරණ තක්සේරුවකට ආ යුතුය.

    කෙසේ නමුත් මේ වන විට ජනාධිපති අපේක්ෂකයන් විස්සකට ආසන්න පිරිසක් එලියට පැමිණ තිබේ.ඒ අතර චීවර ධාරීන් දෙදෙනෙකුද,ප්‍රකට ව්‍යපාරිකයන් දෙදෙනෙකුද සිටි.වසර 75 ක දේශපාලනයේ මේ සියළු අපේක්ෂකයන් රටේ අවගමනයට,රටේ අවගමනය ස්ථාපිත කළ සියළු දෙනාට සහාය දක්වා තිබේ.දේශපාලනය කරන පාරිලිමේන්තු පිරිසට ඇති අභියෝගයම මේ පිරිසටත් ඇත.එනම් තමන්ගේ ව්‍යාපාර හා ආයතන වලට දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමයි.භික්ෂු සමාජයට ඇත්තේද එම දේශපාලන බලය තහවුරු කර ගැනීමේ සටනයි.ඒ අනුව ජනාධිපති සටන් වලට දැනට එළඹ ඇති සියලු දෙනාම දේශපාලනය නොමැතිව කිසිදු දිනක තමන් සිටින තැනට පත් විය හැකි ශක්තිමත් මිනිසුන් නොවේ.පවුල් බලය,හෝ දේශපාලන පවුල් වල ඉපදුනේ නැතිනම් ජනතා බලයක් ගොඩ නගා ගත හැකි මිනිසුන් නොවේ.දේශපාලන බලය ඔවුන්ගෙන් ගිලිහි ගිය විට ඔවුන් නිකම්ම නිකම් මිනිසුන් වීම වලක්වා ගැනීමේ සටන මෙවර දැනට පෙනෙන ජනාධිපති අපේක්ෂක සංයුතිය කියා පායි.අනෙක් අතින් දිලිත් ජයවීර ගේ සිට බොහෝ අපේක්ෂකයන් ප්‍රමාණයක් අනුරාධපුර ඥාණ මෑණියන්ගේ ආශීර් වාද ලත් අපේක්ෂකයන් වීමද සැලකිල්ලට ගත යුතුය. මේ පිරිස තම දේශපාලන බලය ආරක්ෂා කර නොගන්නේ නම්,නැති වීමට බොහෝ දේ ඇත.බදු වංචා,බොල් ණය වැනි විශාල ආර් ථික වරප්‍රසාද ලබා ඒවා හෙළි වීමේදී,දේපල පවරා ගැනීම්,සිරගත වීම් අපේක්ෂා කල යුතු බොහෝ දෙනෙක් ජනාධිපතිලා වීමට පෙළ ගැසී සිටිති.අධිකරණයේ නව ප්‍රවණතාවය අගය කල යුතුවා මෙන්ම මේ අපේක්ෂක යන්ගේ ආරක්ෂක පියවර ගැන උනන්දුව වැඩි කර තිබේ.

    අධිකරණය පැහැදිලි ලෙස සාධනීය තීන්දු තුනක් මේ වසරේ ලබා දී තිබුණි.එකක් වුයේ අත්අඩංගුවේ සිටියදී කල හිංසාවකට එරෙහිවය.ඒ පොලීසිය සම්බන්ධයෙනි.අනෙක් තීරණය සිරි ලංකාවේ යුධ හමුදාව සම්බන්ධ ව්රිට් ආඥා වකි.මේ තීන්දු දෙක ඉතා වැදගත් තීන්දු දෙකක් ලෙස ඉතිහාසයේ ලියවේ. තුන්වන තීන්දුව නම් රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් දුන් තීන්දුවය. මේ තීන්දු තුනම රටේ නීතියේ අඳුරු මුල්ලක කුඩා පහනක් දල්වා තිබේ.

    පොලීසිය බලය යොදමින් ඉතිහාසය පුරා ජන පිඩක ලෙස හැසිරීම ට එරෙහිව ජනතා අයිතීන් ක්‍රියාත්මක වන බව දේශබන්ධු ඇතුළු තවත් පිරිසකට දුන් තීන්දුවෙන් ප්‍රකාශ විනි.ගජබා රෙජිමේන්තුවට පිටතින් හමුදාපති වරයෙක් බිහි වීම වැළක්වීමේ ක්‍රමවේදයට අභියෝග කරමින් හමුදාවේ බ්‍රිගේඩියර් වරයකුට තම නියමිත උසස් වීම් ලබා දිය යුතු බවට අධිකරණය නියෝගයක් ලබා දී ඇත.ජනාධිපතිවරයාත්,ආරක්ෂක ලේඛම් හා ආරක්ෂක ඇමති මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ඒ තීන්දුව තඹයකට වත් නොසලකා හදිසියේ එම බ්‍රිගේඩියර් වරයාට හිමි විය යුතු තැනට මැදමුලන හිතවාදී අයකු පත් කර තිබේ. පොලීසියේ නිලධාරීන් ට ලැබෙන නඩු තීන්දු වල නියෝග ක්‍රියාත්මක වීමේ බහුල බවක් ඇත.එහෙත් සිරි ලංකා යුධ හමුදාව අධිකරණය නොසලකා හැරීම ඉතාමත් නරක,භයානක ප්‍රවණ තාවයකි.අධිකරණය නොසලකා ක්‍රියාත්මක වීම අධිකරණයට කරන ලද බරපතල අපහාසයකි.එය නිල වශයෙන් කරන ලද නොසලකා හැරීමකි.මෙය රටේ ස්වෛරීත් වය බරපතල ලෙස ප්‍රශ්න කරනු ලබයි.අධිකරණය ට පහලින් තිබෙන හමුදාව අධිකරණය අභිබවා ගොස් ඇත.වල්බුරු නිදහස රජ කරන්නේ එවන් විටකය.

    අපේ රටේ ජන ජිවිතයට ඉන්දියාව,ලංකාවේ උතුරේ හා දකුණේ පවුල් දේශපාලනය ලබා දුන් ත්‍යාගය වසර 30 ක් යුද්ධය ය.එම යුද්ධය අපට ලබා දී ඇති විශාලතම පුහුණු ශ්‍රමිකයා හමුදාවය.ලංකාවේ වැඩිතරම වියදම ක් ඇත්තේ හමුදාව වෙත වන අතර ආදයමක් උපයන්නේ නැත.ලංකාවේ විශාලතම පුහුණු ශ්‍රම බලකාය හමුදාව වීමේ ආර් ථික අවාසිය හා හමුදාව අධිකරණය නොසලකා හැරීම සැලකිල්ලට ගත් විට සිරි ලංකාව හමුදා රාජ්‍යක් නොවන්නේ යයි කිව හැකිද ?

    හමුදාව හා පොලිසිය දැඩි විනය පටිපාටියකට ඇතුලත් කරන්නේ ඔවුන්ට උද්ඝෝෂණ ,වර්ජන කිරීමට අවසර නැති බැවිනි.අධිකරණයට යාමට ඒ විනය තුලම ඔවුන් බියක් දක්වති. එසේ නම් හමුදාව පිරිසිඳු ජලය මෙන් පැහැබර විය යුතුය. විනිවිද විය යුතුය. එවැන්නක් 2009 සිට අපේක්ෂා කිරීම අපහසුය. එහෙත් දැනට පවතින ඒකාධිකාරිය තුල හමුදාවේ විශ්වසනීය බව ආරක්ෂා කරගැනීමට එක් නිලධාරියකු හෝ අධිකරණ ඉදිරියට යාම මුළු මහත් හමුදාව මහා ව්‍යසනයකින් බේරා ගැනීමකි. නොසලකා හරින ලද හමුදාවේ දුක් ගැනවිල්ල ගැන පිහිට පැතිමකි. එනම් දිගින් දිගට සිදුවන වංචනික,ආසාධාරණ ක්‍රියා හමුදාවේ බිඳ වැටි ඇති මානසිකත්වය ගොඩ නැගීමට එම නඩු තීන්දුව බෙහෙවින් ඉවහල් වී තිබේ.හමුදාව ප්‍රචණ්ඩ පක්ෂ බලයට ගෙන ඒමට පෙළගැසී ඇත්තේද දිගින් දිගටම රටේ නායකයන් හමුදාවේ කිහිප දෙනෙකුගේ උවමනාව මත අනෙකා පීඩනයට පත් කිරීම ඉවසිය නොහැකි මට්ටමේ පවතින නිසාය.එම ඉහල මට්ටමේ හමුදා නිලධාරීන්ගේ දේපල හා වත්කම් වාර් ෂිකව පරික්ෂා කිරීමේ ක්‍රමවේදයක් රටට අවශ්‍ය ව තිබේ.පොලිස් නිලධාරින් ගේද එම පරික්ෂාව නීතිගත කිරීමෙන් ලංකාවේ සිදුවන දුෂණ,වංචා අල්ලස් ගැනීම් හා නීති විරෝධී සංවිධානාත්මක අපරාධ රාශියක් වලක්වා ගත හැකිය.

    ඉහත තීන්දු දෙකට අමතරව ලංකාවේ ආර් ථික ඝාතකයන් වෙනුවෙන් දුන් අයිතිවාසිකම් කඩවීමේ තීන්දුව වැදගත්ය.මේ තීන්දුව පාදක කරගෙන දුෂිත මිශ්‍රණය හෝ නාමික විපක්ෂය ලංකාවේ නිතිය මගින්වත් නඩු පැවරීමක්,දේපල පවරා ගැනීමක් වෙනුවෙන් ඉදිරියට ආවේ නැත.ලංකාවේ මාධ්‍ය ආයතන ඉහත නඩු තීන්දු තුනටම ලබා දී තිබුනේ ඉතාම පුංචි අවධානයකි.එම නඩු තීන්දු Landmark නඩු තීන්දු ලෙස ලංකාවේ මාධ්‍ය දුටුවා නම්, රටේ හැරවුම් ලක්ෂය මෙතනින් ආරම්භ කිරීමට හැකි විය යුතුය.එම අවස්ථාව ලංකාවේ මාධ්‍ය ආයතන විසින් ජනතාවගෙන් උදුරා ගන්නා ලදී.එය ලංකාවේ මෑත ඉතිහාසයේ ආයතනික වශයෙන් කරන ලද සුවිශාලම අධිකරණයට අපහාස කිරීමයි. අඳුරු මුල්ලක් පහනක් දල්වා ආලෝකවත් කල ගරු අධිකරණයට හිස නමා ආචාරය පුද කරමි.මාධ්‍ය,රාජ්‍ය බලය හා ආයතනික වශයෙන් ඉහත නඩු තීන්දු තුනේදීම අධිකරණයට බරපතල ලෙස අපහාස කර තිබේ.

    මේ ආකාරයෙන් මේ වර් ෂය අවසානයේදී කටයුතු සිදුවන විට පිරිමින් ,පිරිමින් අගයන අය,හා පිරිමි දේශපාලනයක් විශ්වාශ කරන හැමෝම නැවත එය ආරක්ෂා කරගන්නට දෙස් විදෙස් වශයෙන් දිවා රාත්‍රී නොබලා කටයුතු කරගෙන යති .ඒ අතරේ කාන්තා දේශපාලනය නිහඩ,නිද්‍රා ජනක වගකීම් විරහිත ගමනක යෙදෙයි.දෙවරක් ජනාධිපති විත් රට සම්පුර් ණ සාධනීය මාවතකට ගෙන ඒමට නොහැකි වූ CBK මෙවරද බල කඳවුරු ගොඩ නගමින් සිටි.අපට දැන් ඇත්තේ බල කඳවුරු ගැන පුරෝකථන දීමට පමණි.ඔවුන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් කඳවුරු ගොඩ නගති.කඳවුරු වෙනස් කරති.කඳවුරු වල සංයුතිය වෙනස් කරති.මන්දපොෂණයේ අපවාදයේ ඉහලම තැන සිට,ණය කන්ද හැර වෙනත් විසඳුමක් නැති නායකයන් හා විසඳුමක් නැති නායකයන් යයි සිතා සිටින පඹයන් සමග රටේ දරු පරපුරේ අනාගතය තබා ඔබ වැඩිහිටියකු ලෙස මිය යනවාද? මේ රට හරයාත්මක තිරසාර සංවර්ධනයක් වෙනුවෙන් ඔබගේ සියළු හැකියාවන් යොදවනවාද යන්න 2024 වර්ෂයේදී ජනතාව හැටියට ඔබ තීරණය කල යුතුය.එය 2024 වර් ෂයේ ඇති බරපතලම පුරවැසි වගකීම බවට මා දකිමි.
    සුභාෂිණි විෆ්ලර් විසිනි

    www.slleader.lk

    https://slleader.lk/life-style/9059-05

    Tags: ගවේෂණාත්මක පුවත්ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version