English
සිංහල
04:57 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාසල් වට්ස්  ඇප් සමුහවලින් දරුවන්ට දැඩි පිඩාවක්! ටියුෂන් ගුරුවරුන්ට හොඳ අදායමක්!

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    (ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රවල බිදවැටීම පිළිබදව පෙන්වා දෙන “වත්මන් පාසල් පද්ධතියේ අක්‍රමිකතා හා දූෂණ” ලිපි මාලාවේ  හත්වන වෙළුම)

    2024 වර්ෂය ආරම්භ වන්නේ දීර්ඝ පාසල් නිවාඩුවක් සමගය .කෙටියෙන්ම සටහන් කරන්නේ නම් ජනවාරි මාසයම රජයේ පාසල් නිවාඩු ලබා දි ඇත. දන්නා තරමට පාසල් ආරම්භ වන්නේ පෙබරවාරිය.  ඒ අනුව පළමු වාරය පටන් ගත යුතුව තිබෙන්නේ පෙබරවාරිය.  එනිසා පෙබරවාරී මාසය අධික කාර්ය බහුල මාසයක් විමට නියමිතව ඇතත් 2024 ජනවාරී මාසය අතිශය සාමාන්‍ය මාසයක් බවට පත්ව ඇත්තේ අ.පො.ස.උසස් පෙළ විභාගය ‍2024 වර්ෂයේ ජනවාරී මස පැවැත්වෙන නිසාවෙනි.

    කොරෝනා අර්බුදයත් සේම සහරාන්ගේ පහර දිමත් නිසා තවම හරි හැටි පිළිවෙලක් කර ගැනිමට නොහැකි වූ නිදහස් අධ්‍යාපනයෙන් බොහෝ අයට වාසී රැසක් හිමිව ඇත. දරුවන්ට සහන නැති නමුත්  මෙම 2024 ජනවාරී මාසය පුර‍ාවට සිය උපකාරක පන්ති පවත්වමින් ඒවා ප්‍රවර්ධනය කරමින් පවත්වාගෙන යාමේ කදිම අවස්ථාවක් ගුරුවන්ට උදා වි ඇත.එයට හොදම උදාහරණය බවට පත්ව ඇත්තේ පසුගිය වර්ෂ කිපයෙහි පාසල මූලික වෙමින් සකසන්නට යෙදුණු වට්ස්සැප් ගෲප් සමූහයයි. එනිසා ම අනිතිකව එම වට්ස්සැප් ගෲප් හරහා සිය ප්‍රවර්ධන කටයුතු සිදු කර ගනිමින් සිය උපකාරක පන්ති කදිමට පවත්වාගෙන යාමට පාසල් ගුරුවරු සමත්ව තිබේ. ඒ මෙම ඇප් සමුහ හරහාය.

    එසේම පාසල් පවතින කාලවකවානුවලදී බොහෝ ගුරුවරුන් පැවරුම් යොමුකරනුයේ මෙම සමුහයන් තුලටය. එසේම බොහෝ ගුරුවරුන් පැවරුම් යොදනුයේ රාත්‍රීයේය. රාත්‍රිය යනු මිනිසුන්ට නිදා ගැනීමට තිබෙන කාලයයි. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට පවා රාත්‍රී කාලයේ පැවරුම් යොදන නමට පමණක් උගත්, ගුරුකම නුගත් ගුරුවරුන් ඕනා තරම් සිටිති. බහුතරයක් ගුරුවරුන්ගේ දුෂිත ක්‍රියා නිසාම අපට උරුමව සිටින්නේද වගකීම් විරහිත දරු, තරුණ පරපුරකි. එයට වගකිව යුත්තේ අතීතයේ සිටම ගුරුවරුන් සේ කටයුතු නොකළ ගුරුවරුන්, සහ අධ්‍යාපන බලධාරීන්ය.

    40 දශකයේ එවකට අධ්‍යාපන ඇමතිවරයෙකුව සිටි සී.ඩබ්.ඩබ්. කන්නංගර ශ්‍රීමතාණන්ට පිංසිදු වන්නට අපට තවමත් නිදහස් අධ්‍යාපනය තිබේ. වර්තමානයේ අප ගත කරන්නේ 2024 වර්ෂයේය. මේ වන විට ඉතාමත් දරුණු ලෙස නිදහස් අධ්‍යාපනය වළපල්ලට ගමන් කරන සේයාවක් දක්නට ලැබේ. එයට ප්‍රධානතම හේතුව වන්නේ පාසලේ උගන්වන ගුරුවරයාම සිය උපකාරක පන්තිය වැඩි දියුණු කර ගැනීම සදහා සතියේ දිනවල හවස් වරුවේ හෝ සති අන්ත දිනවල පාසල අසළම උපකාරක පන්ති පැවැත්වීමයි. මෙයට ප්‍රධානතම හේතුව ජිවත් වීමට අපහසු තත්ත්වයකට පාසල් ගුරුවරයා පත් කොට තිබීමයි. එනිසා ජීවත් වීම උදෙසා බොහෝ ගුරුභවතුන් උපකාරක පන්ති පැවැත්වීමට තීරණය කොට ඇත. සත්‍යය වශයෙන්ම ‍එය ගුරුවරයාගේ වරදක් ලෙස හුවා දැක්විය නොහැක. නමුත් මෙම ක්‍රමය ආරම්භ වන විට ගුරුවරුන්ට වැටුපේ ගැටළුවක් තිබුනේ නැත. ඒ අයට ජීවත් වීමට සරිලන වැටුපක් රජයෙන්  ලබා දෙන්නේ නම් ඉතා  ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ලබා දිමට එම ගරු භවතුන්ට හැකිය. නමුත් සිදුව ඇත්තේ රජයන් වල පැවති දුර්වලතාවයන් නිසා අවසානයේ ශිෂ්‍ය ශිෂ්‍යවෝ මෙන්ම අහිංසක දෙමාපියන් දැඩි පීඩනයකට පත්ව සිටීම වුවත් ලංකාවේ අධ්‍යාපන බලධාරීන් හෝ දේශපාලන නායකයන් ලංකාවේ හෙටක් ගැන සිතුවේ නැත.

    මේ වන විට රජයෙන් ජාතික පාසල් අහෝසි කොට ලංකාවේ සියලුම පාසල් අදාළ පළාත් සභා යටතට ගැනීමේ සූදාකමක් ගැන කථා කරති. එය බොහෝම සාධනීය දෙයකි. එවිට මෙම ටියුෂන් මාෆියාව ටික දුරකට හෝ බිදිය හැකිය. නැතිනම් සිදු වන්නේ අහිංසක දෙමාපියන් දිනෙන් දිනම ආගාධයට පත් වීමයි. එමෙන්ම රජය විසින් පන්ති කාමර වල ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කොට ඒවාට ලකුණු දීමේ වැඩපිළිවෙලක් ගැන කථා කරති. පැහැදිලිවම එය ඉතා හොද දෙයකි. නමුත් රජය මිට වඩා ගුරු වැටුප් පිළිබදවද සාධනීයව සිතන්නේ නම් මෙහි ප්‍රතිළුල ඉතා ඉහළ මට්ටමකට ගත හැකි බව දැඩි ව සිතිය යුතුය. පන්තිකාමරවල ක්‍රියාකාරකම්වලට ලකුණු දීමේදී තමන්ගේ උපකාරක ටියුෂන් පන්තියට නොඑන දරුවන්ට වෙනස්කොට සලකා ලකුණු දීම් සිදුකරති.

    කෙතරම් ප්‍රතිසංස්කරණ ගෙනාවද සිදු කළ යුත්තේ ගුරුවරයා ශක්තිමත් කිරීම විණා අනෙකක් නොවේ. මක්නිසාද යත් ගුරුවරයා ශක්තිමත් කළ විට රටේ අධ්‍යාපනය පැහැදිලිවම නිවැරදි මගකට ගෙන යා හැකි බව නොරහසකි. ලංකාවේ ගුරු වරුන් සිටින්නේ දෙලක්ෂ පනස්දහසක් පමණකි. එවිට මෙම නිදහස් අධ්‍යාපනය සදහා නොගැලපෙන වැඩ සිදු කරන ගුරුවරුන් පිළිබදව යම් තීරණයක් ගත හැකිය. මේ වන විට නිසි පුහුණව ලත් ගරුභවතුන් පන්දහසකට (5000)  අධික ප්‍රමාණයක් රට හැර ගොසිනි. තවත් බොහෝ දෙනා රට හැර යාමට බලාපොරොත්තුවෙන් සිටිති. එසේ නම් අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්නේ නැතිව  ගුරුභවතුන් රැකගනිමින් ටියුෂන් මාෆියාවද විනාශ කර ගනිමින් මව්පියන්ගේද පොකට්ටුව සුරකිමින් ලාංකේය දරු පරපුරේ අධයාපනය සුරක්ෂිත කල යුතුව තිබේ. නමුත් එසේ කිරීමට දේශපාලකයන්ට හෝ අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍ය බව අපට නම් පෙනෙන්නේ නැත.

    ඒ අනුව වට්ස් ඇප් හරහා සිදුවන සියලුම බලපෑම් නවත්වා වට්ස් ඇප් හරහා දරුවන්ට හිංසා කිරීම නැවැත්විය යුතුමය. එසේම එම සමුහයන් හරහා දරුවන් ඉලක්කරගෙන සිදුකරන ව්‍යාපාරද නැවැත්විය යුතුය.   

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version