English
සිංහල
00:27 ඉරිදා, මැයි 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    “රනිල් – හුතීන්” එක්ක පැටලිලා, අපිවත් ලෝක යුද්දෙකට පටලවයිද?

    Ravana by Ravana
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශපාලන ආධිපත්‍ය සඳහා බටහිර රටවල් අතලොස්සක් විසින් සිදුකරන පලස්තීනය ප්‍රමුඛ මැදපෙරදිග අමානුෂික ක්‍රියාදාමය මුළු මහත් ලෝකයක්ම හෙළාදකිමින් තිබෙන මොහොතක, මැදපෙරදිග තුලින් ලෝක යුද්ධයක් නිර්මාණය කරමින් තිබෙන මොහොතක ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අප රටත් එහි පාර්ශවකරුවන් කර තිබෙන බවත්, ඒ හරහා රටෙත් රටේ ජනතාවගේත් අනාගතය අවදානම් තත්වයකට පත්කර ඇති බවත් අද පාර්ලිමේන්තු සභාව අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.

    මන්ත්‍රීවරයා මේ බව පාර්ලිමේන්තුවේදී කියා සිටියේ රතු මුහුදේ හූති අරගලකරුවන් විසින් සිදුකරමින් තිබෙන ක්‍රියාදාමයන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාව යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන ඇති අත්තනෝමතික ක්‍රියාකලාපයට පිළිතුරු ලෙසයි.

    මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන සංජා ද සිල්වා ජයතිලක මහත්මිය “RANIL’S RED SEA ADVENTURES” යන මැයෙන් DAILY FT පුවත්පතට ලියන ලද ලිපියක් උපුටා දක්වමින් ඉම්තියාස් බාකිර් මාකාර් මහතා මේ බව කියා සිටියේය.

    “WHAT WOULD A SRI LANKAN NAVY SHIP, FROM THIS IMPOVERISHED COUNTRY UNABLE TO PAY ITS DEBTS, HEAVILY DEPENDENT ON THE IMF, AND WITH A POPULATION HEADING TOWARDS A CRISIS OF ECONOMIC SURVIVAL, BE DOING IN THE RED SEA AT THIS TIME, TAKING ON THE HOUTHIS, IN A CONFLICT THAT IS NOT OURS, IN A CONTEXT WHERE CLAIMS OF GENOCIDE AND COLLECTIVE PUNISHMENT WHICH ARE WAR CRIMES, ARE INVOKED? ISN’T THIS CONTRARY TO SRI LANKA’S OWN OPERATION PROSPERITY?”

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ගෙන ඇති මෙම අත්තනෝමතික තීන්දුවර පිළිතුරු ලෙස සංජා ද සිල්වා ජයතිලක මහත්මිය RANIL’S RED SEA ADVENTURES යන මැයෙන් DAILY FT පුවත්පතට ලියන ලද සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ වසර අටකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ආරම්භ කළ, O.N.U.R ආයතනය, (ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනය) පාර්ලිමේන්තු පනතක් හරහා ආයතනයක් ලෙසින් ස්ථාවර තත්වයකට ගෙන ඒමට ගන්නාවූ රජයේ ප්‍රයත්නය පක්ෂ භේදයෙන් තොරව අගය කරමින්.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඉම්තියාස් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා මේසේ පැවැසීය.

    “අද පාර්ලිමේන්තුව ඉදිරියේ සාකච්ඡා වන මෙම පනත ගැන නිරාකරණය කරගත යුුතු ගැටළු කිහිපයක් අපට තිබෙනවා.

    කෙසේ වුනත් මෙයට වසර අටකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මගින් ආරම්භ කළ, O.N.U.R ආයතනය, (ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනය) පාර්ලිමේන්තු පනතක් හරහා ආයතනයක් ලෙසින් ස්ථාවර තත්වයකට ගෙන ඒමට ගන්නාවූ, මේ ප්‍රයත්නය පක්ෂ භේදයෙන් තොරව අගය කළ යුත්තක් ලෙස මම දකිනවා.

    2009 වසරේ යුද්ධයේ අවසානයත් සමග, බෙදුම්වාදී සිතුම් පැතුම් වලට සමුදී, මුළු ශ්‍රී ලාංකික ජාතියම එක්සේසත් කරන්නට, ස්වරණමය අවස්ථාවක් රටක් ලෙස අපට ලැබුණා.

    එහෙත් එය නිසි ලෙස පාවිච්චි කරන්නට අපේ නායකයන් අපොහසත් වුණා. අසමත් වුණා.

    2015 දී යහපාලන රජයට ජනවරමක් ලැබීම සිදුවුණේ, අපේ රටේ බෙදුම්වාදය සහ වර්ගවාදය උච්චතම ස්ථානයකට ගෙනැවිත් තිබූ පසුබිමක.

    එදා ඒ රජයේ පළමු පියවරක් ලෙස, කැබිනට් පත්‍රිකාවක් මගින්, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන ආයතනයක් ස්ථාපනය කරනු ලබුවා.

    මේ අරමුණ සඳහා තිබූ ප්‍රමුඛතාව සහ කැපවීම ප්‍රදර්ශනය කරමින්, එදා සිටි ජනපති සහ අගමැති දෙපල, මේ ආයතනයේ සභාපතීත්වයට, හිටපු ජනපතිනියක වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පත්කරනු ලැබුවා.

    නමුත් 2019 සිදුවූ ජනපති ධූරයේ වෙනස්වීමත් සමග, මෙම ආයතනයේ කටයුතු සඳහා වන, ප්‍රමුඛතාවයේ විශාල වෙනසක් සහ, මුදල් වෙන් කිරීමේ සිට බිම් මට්ටමේ ක්‍රියාකාරීත්වය තෙක්ම, අඩුලුහුඬුකම් මෙන්ම උදාසීනකම් දකින්නට තිබුණා.

    මේ පාලන වෙනසත් සමගම, ජාතික ගීය, ද්‍රවිඩ බසින් ගායනා කිරීමේ සම්ප්‍රදාය, නවතා දැමීම වැනි, බෙදුම්වාදී ක්‍රියාකාරකම් සහ බෙදුම්වාදී ආකල්ප වර්ධනයට ඉඩදී සිටීම සිදුවුණා.
    විවිධත්වය තුල එකමුතුව, විවිධත්වය ඉවසීම, විවිධත්වයට ගරුකිරීම වැනි වටිනාකම් වෙනුවට, විවිධත්වය පුපුරුවා හැර, බෙදුම්වාදී න්‍යාය පත්‍රවලින් දේශපාලන වාසි ප්‍රයෝජන ලබාගැන්ම, ඉතිහාසයේ කිසි කලෙක නොවූ අයුරින් සිදුවීම අප දුටුවා.

    මේ යුගයේදී O.N.U.R ආයතනය හුදෙක් ජාත්‍යන්තරයට පෙන්වන ඇස් බැන්දුමකට සීමා කිරීම සිදුකළා.

    ඉන් අනතුරුව අප දුටු, මුලු රටම වැලඳගත්, පක්ෂ භේදවලින් තොරවූ, ජනතාවගේ “වීදි බැස්ම” නැතහොත් “අරගලය”, අපේ රටේ සිතීමේ ක්‍රමයේ, විප්ලවීය වෙනසක් ඇති කරමින්, බෙදුම්වාදය වැපිරූ දේශපාලනයේ නිමාවකට ආරම්භය ලබාදුන්නා.
    මේ අරගලය, පටු දේශපාලන අරමුණු සඳහා තමන්ගේ නමට ඩැහැගැන්මට අතලොස්සක් අන්තවාදී ක්‍රියාවල යෙදුනද, මෙම ස්වභාවික ජනතා නැගිටීම තුළින් ජනතාව දුන් පණිවිඩය ඉතා වැදගත්.

    මෙවන් පසුබිමක, අද මෙම පනත ඉදිරිපත් කිරීම, සද් භාවයෙන් සිදුවන්නක් නම්, එය රටේ අනාගතය සඳහා වන යහපත් හැරවුම් ලක්ෂයක් වනු ඇත.

    අල්ලස් දූෂණ කොමිෂන් සභාවක් තිබූ පමණින්, රටේ අල්ලස, දූෂනය තුරන්වීම හෝ, අවම වීම සිදුනොවී ඇත්තාක් මෙන්, O.N.U.R පනත තුලින්, මේ නව ආයතනය මෙලෙස පිහිටුවීම තුලින් පමණක්, මේ රටේ සමගිය සහ සංහිඳියාව සම්බන්ධයෙන්, ප්‍රාතිහාර්ය පෑමක් සිදුවේයැයි, අපේක්ෂා කරන්නට පුළුවන්කමක් නැහැ.

    මේ සම්බන්ධයෙන් වූ කටයුතු, සද්භාවයෙන් සිදුවීමයි, අවශ්‍ය වන්නේ.

    මේ නව ආයතනයේ කටයුතු ස්වාධීනව, සාධාරණව සහ අපක්ෂපාතීව සිදුවීමට නම්, මෙහි තීන්දු තීරණ ගන්නා අයවළුන්, දේශපාලන අතකොලු නොවීම වැදගත් වෙනවා.

    මේ සම්බන්ධව, දැනටමත් සිවිල් සමාජය නියෝජනය කරන, බොහෝ පාර්ශවයන්, තම අවිශ්වාසය සහ කනස්සල්ල, ප්‍රකාශයට පත්කර තිබෙනවා.

    මෙවන් වැදගත් පනතක් ගෙන ඒමට පෙර, පුලුල් සහ ගැඹුරු ලෙසින්, අදාල පාර්ශවකරුවන් සමගින්, සාකච්ඡා නොකිරීමේ අඩුවයි, මේ තුලින් පෙනී යන්නේ.

    මේ පනත තුලින් විශාල බලයක්, විශේෂයෙන් අධිකරණමය ස්වරූපයේ දඬුවම් ලබාදීමේ බලතල පවා, මේ ආයතනයට ලබාදීමට යෝජනා කර තිබෙනවා.

    මේ සා විශාල බලතල සහ වගකීම් හසුරුවන පුද්ගලයන්, පත්කිරීමේ බලය, ව්‍යවස්ථාදායක සභාව වැනි, ස්වාධීන වූ ආයතනයක් හරහා සිදුනොකර, තනි පුද්ගලයෙකුගේ අභිමතයට, සිදුකිරීමට යෝජනා කිරීම තුලින්, එම ආයතනයේ අපක්ෂපාතීත්වයට සහ, ස්වාධීනත්වය පිළිබඳව, විශ්වාසනීය බවක් ඇති නොවීම සක්සුදක් සේ පැහැදිලිව දැකිය හැකි තත්වයක්.

    තනි පුද්ගලයෙකුගේ අභිමතයට අනුව, පත්කරන මෙම අයවළුන්, විසින් ගන්නාවූ, තීන්දු තීරණ ගැන, අධිකරණයකට අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ, අවකාශයක් ලබා නොදෙන අයුරින්, තහංචි, මෙම පනතින් යෝජනා කර තිබීම, සැබැවින්ම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට නොගැලපෙන භයානක තත්වයක්. (පනතේ 19 වගන්තියේ දෙවන උප වගන්තිය අනුව)

    මේ අනුව බලන කළ, මෙම පනතේ සඳහන් කරන යහපත් අරමුණු සැබැවින්ම සාක්ෂාත් කරගත හැකිද යන්න ප්‍රශ්නයක්.
    ජාත්‍යන්තරය මතුකරන ප්‍රශ්න වලට උත්තරයක් ලෙස හෝ, මැතිවරණ වසරකදී, විවිධ ජනකොටස් දිනා ගැන්මක් සඳහා ඉදිරිපත් කරන ඇස් බැන්දුමක් ලෙස හෝ නොව, සැබෑ ජාතික එකමුතුවක් සහ, සංහිඳියාවක් ඇතිකිරීම සඳහා වන, හැරවුම් ලක්ෂයක් ඇති කරන අව්‍යාජ ප්‍රයත්නයක් බවට, මෙය පත්කර ගැන්මට නම්, මෙය පුද්ගලයෙකුගේ අතකොලුවක් වන ආයතනයක් නොව, රටේ සෑම ජන කොටසකගේම සහ සෑම පාර්ශවයකගේම විශ්වාසය ඇතිකරන ආයතනයක් බවට පත්කරගත යුතුව තිබෙනවා. මෙහිදී එහි සංයුතිය තීරණාත්මක සාධකයක් වෙනවා.

    ඒ සඳහා නිහතමානී ලෙසින්, අවශ්‍ය සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතිකර ගැන්මට, අවශ්‍ය පියවර ගැනීම තුලින්, මේ අරමුණ සඳහා රජයේ පාර්ශවයේ අව්‍යාජ උවමනාව සහ කැපවීම ප්‍රදර්ශනය කරන්නට පුළුවන්කම තිබෙනවා.

    තවද, මෙයට අමතරව, පනතට අනුව, O.N.U.R ආයතනය වෙනත් සංහිඳියාව සහ වගවීම පිළිබඳ වූ O.M.P හෙවත්, අතුරුදන්වූවන්ගේ කාර්යාලය, O.R හෙවත් වන්දි ගෙවීම් සඳහා වූ කාර්යාලය මෙන්ම යෝජිත TRUTH UNITY AND RECONCILIATION COMMISSION (T.U.R.C) හෙවත් සත්‍ය, සමගිය සහ සංහිඳියාව සඳහා වන කොමිසම වැනි ආයතන සමග කටයුතු කරන්නට යන ආකාරය පිළිබඳව, ව්‍යාකූල තත්වයක් දකින්නට තිබෙනවා. මේවා එකිනෙකා අතර ඇති බලතල ගැන ඒ අපැහැදිලි බව, නිරාකරණය කරගත යුතුව තිබෙනවා.

    තවත් එක් කරුණක් ගැන අමාත්‍යතුමන්ගේ අවධානය යොමුකරන්නට මම කැමතියි.

    යෝජිත පනතට අනුව O.N.U.R ආයතනයට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන රජයෙන් ලබාදීම අපේක්ෂිත බව සඳහන් වෙනවා. එසේ වුවත්, O.N.U.R. ආයතනයට ත්‍යාග වශයෙන් අරමුදල්, දේශීය වශයෙන් හෝ විදේශයන්ගෙන් ලබාගැන්මට කටයුතු කළ හැකි බවද පනතේ සඳහන් වෙනවා.

    දේශීය වශයෙන් සහ විදේශයන්ගෙන් මෙලෙස ත්‍යාග හෝ ප්‍රදානයන් ලෙසින් මුදල් ලබාගැන්මට ඉඩකඩ ලබාදීම තුලින්, ආයතනයේ ස්වාධීනත්වයට බලපෑම් ඇතිකළ හැකි තත්වයක් ඇතිවීමට ඇති ඉඩකඩ ගැන ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමුකරන්නටත් මම කැමතියි.

    කෙසේ වෙතත් රට ගොඩ නැගීමට ආර්ථික ප්‍රතිසංස්කරන මෙන්ම සමාජියීය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණත් සිදුකීරීම අවශ්‍ය බව පිළිගන්නවා. ඒ සඳහා මෙවැනි ක්ෂේත්‍රයන් ඇමතිය යුතුව තිබෙනවා.

    එහෙත් සමාජියීය සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදී අදාල පාර්ශවයන්ගේ සහ විද්වතුන් සමග පුළුල් සහ ගැඹුරු කථිකාවතක් සිදුකිරීමෙන් විශ්වාසනීය බවක්, සම්මුතියක් ඇතිකරගන්නට පුලුවන්කම තිබෙනවා.

    එවැනි සංවාදයන්හි ප්‍රතිඵල ලෙසයී, මෙවැනි අණපනත් ඇතිවිය යුත්තේ.

    එවැනි සංවාදයන්ගෙන් තොරව කලබලයෙන් ගෙනාවූ, විකාශන අධිකාරී පනත විරෝධතා නිසා අකුලා ගැන්ම අප දුටුවා.

    එලෙසම තවත් කලබලයෙන් ගෙන ආ ත්‍රස්ත විරෝධී පනත ගැන ඇතිවූ විරෝධතාත් අප දුටුවා.

    දැන් GOOGLE, FACE BOOK වැනි කොටස් ඇතුළු අදාල පාර්ශවයන් සමග සාකච්ඡා නොකර ගෙන එන්නට හදන ONLINE SAFETY BILL හෙවත් මාර්ගගත ආරක්ෂන පනත ගැනත් අප කව්රුත් දන්නවා.

    මෙවැනි දඩිබිඩි තාලයෙන්, කලබලයකින් අණපනත් මැතිවරණ වසරක් තුල ගෙන ඒමේ පරමාර්ථය, සද්භාවය ඇත්තෙන්ම ප්‍රශ්නයක් බව අවධාරණය කරනවා.

    ජනවාර්ගික ගැටලුවෙන් පීඩා විඳින්නේ පොදු ජනතාවයි. සැබෑ පාර්ශවකරුවන් වන්නේ පොදු ජනතාවයි. එබැවින් ඒ ගැටළුවෙන් බැට කා ඇති, පීඩා විඳ ඇති ජනකොටස්, පාර්ශවයන් සමගද මෙවැනි අනපනත් ගෙන ඒමට පෙර අදහස් හුවමාරු කරගැන්ම සිදුකළ යුතුව තිබෙනවා.

    එවැන්නක් සිදුනොකර ඉහලින් පහළට නීතිරීති පැනවීමට උත්සාහ ගැන්ම තුලින්, ඉතිහාසයේ සිදුව ඇති වැරදීම්වලින් පාඩම් ඉගෙන නොගැනීමකුයී, අපි දකින්නේ, කියන කාරනය සිහිපත් කරමින් මම මගේ කථාව සමාප්ත කරනවා” (balawegaya News)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    ×
    Go to mobile version