English
සිංහල
08:48 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වඩු, මේෂන්, වයරින් ආදී වැඩකරන අයට මනුෂගෙන් හොඳ වැඩක්.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රටේ මුළු ශ්‍රම බලකායම ඇතුලත් වන අලුත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල මාස තුනක් ඇතුලත කැබිනට් මණ්ඩලයට – ඇමති මනූෂගෙන් පොරොන්දුවක්

    මෙතෙක් පැවති සියලු සමාජ ආරක්ෂණ ක්‍රම එකට එකතු කර පොදු සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක්

    මෙරට සමස්ථ ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුලදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

    මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ අද (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

    කාමර වල ඉදන් උඩින් තීරණ අරගෙන ජනතාව අතරට ගියාම ඒවා මහ පොලොවේ පැල කරන්න අමාරුයි. ඒ නිසයි අපි ජනතාව අතරින් අදහස් අරගෙන ඔවුන්ගේ ගැටලුවලට පිලිතුරු ලබා දෙන්න මේ වගේ වැඩසටහන් දියත් කරන්න කටයුතු කරන්නේ.

    ඒ අනුව තමයි ගරු සරු වැඩසටහනත් ක්‍රියාත්මක කළේ. මේ වැඩසටහන යටතේ සමස්ත ශ්‍රම බලකායේම වෘත්තීය ගරුත්වයත්, ආරක්ෂාවත් ඇති කරන්න අපි අපේක්ෂා කරනවා. එහිදී මෙතෙක් කාලයක් නිසි ගරුත්වයක් සහ ආරක්ෂාවක් නොලැබුණු අවිධිමත් අංශයේ රැකියා වල නිතර සියලුම දෙනාට ගරුත්වයක් සහ ආරක්ෂාවක් ලබාදෙන්නයි අපි මේ වැඩසටහන දියත් කළේ.

    මේච්චර කාලයක් අවිධිමත් අංශයේ රැකියාවල නිතර පිරිසට නිසි ගරුත්වයක් නොලැබීම ගැන අපි වසර 75කට බැන බැන ඉදලාවත් දේශපාලඥයින්ට බැනලා ඉදලා හරියන්නේ නෑ. අපි මේක වෙනස් කළයුතුයි. ඊට අවශ්‍ය වටපිටාව ඇති කිරීමයි අපි මේ කරන්නේ.

    නමුත් ගරුත්වයක් ලබා දෙනවා කියලා නමට ඉස්සරයින් මහත්තයා, මිස්ටර් කිව්වාට හරි යන්නේ නෑ. ඒ සඳහා කළයුතු වන්නේ නිසි ක්‍රමවේදයක් ඇති කිරීමයි.

    තවමත් අපිට ජලනල කාර්මිකයින් යොදා ගැනීමේදී භාවිතා කළයුතු ක්‍රමවේදයක් හෝ ප්‍රමිතයත් නැහැ. එවැනි ප්‍රමිතියක් ක්‍රියාත්මක නොවනතාක් මේ වෘත්තීන් වලට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ.

    ඒ වගේම අපිට පින්තාරු කරන්න අවශ්‍ය නම් ඒකට කීප දෙනෙක් ගෙනල්ලා පින්තාරු කරගන්නවා මිසක් ඒ පුද්ගලයාට ඒක කරන්න තියෙන සුදුසකම මොකක්ද කියලා හොයන ක්‍රමවේදයක් නැහැ.

    මට මෑතකදී විදේශ රටකින් ආරාධනාවක් ආවා පින්තාරුකරුවන් ලබාදෙන්න කියලා. ඒ අයට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12ක විතර වැටපුක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලත් කිව්වා.

    මම ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් කැදෙව්වා. ඒකට අපේ රටේ ඉන්න පින්තාරු ශිල්පීන් ආවා. හැබැයි මේ කිසිම කෙනෙක්ව තොරගත්තේ නැහැ. මොකද අපි ඒ අය අපේක්ෂා කරන මට්ටමේ පුහුණු හෝ ප්‍රමිතීන් වලට අනුගත වෙලා නැහැ.

    ඇත්තටම මෙහිදී අපි අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් තරමක් පිටුපසිනුයි ඉන්නේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රමිතීන් ඇති කරන්න පුළුවන් නම් එවිට ඔබේ වෘත්තියට නිසි ගෞරවයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා.

    අපි ඒ තත්ත්වයට ඔබේ වෘත්තිය ගොඩ නැගිය යුතුයි. ඒත් ඒක අපේ අමාත්‍යාංශයේ වපසිරියේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා අනෙකුත් ආයතන ඔස්සේ සකස්විය යුතු දෙයක්. මෙහිදී හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා.

    ඒ වගේම කම්කරු ඇමති විදිහට මට මේ රටේ සියලුම කම්කරුවන්ට එකලෙස සැලකීමට වගකිමක් තියෙනවා.

    අපි ගරු සරු වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක නියමු වැඩසටහන විදිහට ක්ෂේත්‍ර විස්සක ගැන මුලින්ම කතා කරනවා.

    කොහොම වුනත් අපි ඔබලාගේ සහභාගිත්වයෙන් නිතීඥ සංගමය, වෛද්‍ය සංගමය, ගෘහ නිර්මාණ ශල්පීන්ගේ සංගමය වගේ සංවිධානයක් පිහිටුවීමයි අපෙක්ෂා කරන්නේ. මේක රජය පිළිගත්ත වෘත්තීය සංගමයක්. ඒත් අපි අවබෝද කරගතයුතු වැදගත්ම කාරණය වන්නේ මේක තවත් එක වෘත්තීය සමිතියක් නෙමෙයි කියන කාරණයයි.

    ඒ වගේම මේකට අදාල නීතීන් නව රැකී රක්ෂා පනත යටතේ සකස්කරලා තියෙනවා. ඒ වගේම වෘත්තීය ගරුත්වය වෙනුවෙන් වෙනම පරිච්ඡේදයක් අලුත් පනත යටතේ හදුන්වා දී තිබෙනවා.

    ඔබ අද පිහිටුවන මණ්ඩලය තමයි ඔබේ ප්‍රමිතීන් තීරණය කරන්නේ. ඒවා රජයේ අනෙක් ආයතන වලට ලබාදීමට අපි කටයුතු කරනවා.

    ඉදිකිරීමකදී ගෘහ නිර්මාණ ශිල්පියකුගේ අත්සන අවශ්‍යයි වගේම අද වෙනකොට වයරින් කරන්නේ කවුද කියලත් සැලසුම අනුමත කරන අවස්ථාවේදීම ඉදිරිපත් කළයුතු තත්ත්වය පත් කිරීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා.

    ඒ මගින් අපි ඒ වයරින් කරනු ලබන ශිල්පීන්ට ගරුත්වයක් ලබා දෙන්න අපි කටයුතු කළා. ඒ විදිහටම ඔබටත් ගරුත්වයක් ඇති කිරීමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ.

    ඒ නිසා කොහේහරි ඉන්න කෙනෙක් යොදාගෙන පයිප් ටික දාගන්නවා නම් එමගින් ඔබේ වෘත්තියට ගරුත්වයක් ලැබෙන්නේ නැහැ.

    මේකට අදාල නීති රීති, ප්‍රමිත හදන්නේ ඔබයි. ඒවා මට දුන්නාට පස්සේ ඒවා ගැසට් කරලා ඒවාට නෛතික භාවයක් ලබාදෙන්න කටයුතු කරනවා.

    ඔබට බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දෙන්නත් කටයුතු කරන්න පුළුවන්. ඒකටත් අවශ්‍ය සුදුසුකම් තීරණය කළයුත්තේ ඕනෙත් ඔබමයි. එමගින් ඕනෑම කෙනෙකුට ඔබේ වෘත්තියේ නියැලෙන්න බැහැ. එවිට බලපත්‍රයක් තියෙන කෙනෙකුට විතරයි ඔබේ වෘත්තියේ නියැලෙන්න පුලුවන්කම ලැබෙන්නේ.

    මේ පිහිටුවන කමිටුවට වලට හෝ සංවිධාන වලට රජයේ ආයතන වලට නිලධාරීන් නැහැ. ඒවායේ ඉන්නේ ඔබයි.

    ඒ වගේම සමාජ ආරක්ෂණ ක්‍රමවේදයකට දායක නොවන සියලුම වැඩකරන ජනතාව සමාජ ආරක්ෂණ ජාලයකට ගොනු කරන වැපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඊට අදාල කමිටුවේ පළමු හමුව පසුගියදා පැවැත්වුනා.

    මාස තුනක් හතරක් යනකොට අපි කැබිනට් මණ්ඩලයට ලංකාවේ ශ්‍රම බලකායේ සියලුදෙනා සමාජ ආරක්ෂණ ක්‍රමයකට ඇතුලත් කිරීම ගැන ක්‍රමවේදයක් ගැන ඉදිරිපත් කළයුතුයි. ඊට අදාල කටයුතුත් අපි මේවන විට කරමින් යනවා.

    මෙහිදී රැකියා අහිමිවූ අවස්ථාවකදී හිමිවෙන රක්ෂණ ක්‍රමවේදයක්, දෑත වාරු නැති කාලයේදී ඔවුන්ව බලා ගන්න ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමටයි අපි කටයුතු කරන්නේ.

    මේ සඳහා
    ඉන්දුනීසියාවේ, ඇමරිකාවේ, ඔස්ට්‍රේලියාවේ, වගේ විදේස් රටවල් කටයුතු කරන ආකාරයන් ගැනත් හොදින් අධ්‍යනයක් කරලා ඒ වගේම ජාත්‍යන්තර කම්කරු සංවිධානයෙත් සහයත් අරගන්න නිසි තින්දු තිරණ ගන්න අපි සූදානම් වෙලා තියෙනවා.

    මින් පසුව අපි බලාපොරොත්තු වෙන්නේ ඊ.පී.එෆ් කියලා වෙනම අරමුදලකුත්, ඊ.ටී.එෆ් කියලා වෙනම අරමුදලකුත් වගේම අර රක්ෂණ මේ රක්ෂණ, කෘෂි රක්ෂණ කියලා විවිධ රක්ෂණ ක්‍රම මොකවත් නැතිව රටේ හැම වැඩකරන අයෙකුටම පොදු එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සියල්ල කරමිනුයි සිටින්නේ.මාස තුනත් හතරක් ඇතිව මේවා සකස් කරන්න අපි කටයුතු කරනවා.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version