English
සිංහල
20:09 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රනිල්ට ගැලවිල්ලක් නැති  හිටපු මහ ලේඛ්ම්ගේ කතා ටික.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ‘‘රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය ගැන තීරණය කරන්න බෑ – රනිල් ජනාධිපති වෙලා ඉන්නේ පොහොට්ටුවේ හයියෙන්‘‘ – තිස්ස අත්තනායක

    ජනාධිපතිවරණය පිළිබඳව කිසිදු උපදේශයක් ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය නොවන බවත් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තොම්බර් මාස දෙක ඇතුළත කාලයේ පැවැත්විය යුතු බවත්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ගැන තීරණය කරන්න නොහැකි බවත් ජනාධිපතිවරයා මැතිවරණ සිතියම හකුළලා වාර්තාවක් ද තබා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය

    ඊයේ (15) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

    පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයාගේ විධායක බලය භාවිතා ක‍ර කල් දමා ඇති බවත් මැතිවරණය කල් දැමීම සිදුකළේ මුදල් නොමැති නිසා නොව  පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට පත්වෙන නිසා බවත් රටේ ජනතාව ආණ්ඩුවට එරෙහිව සිය මතය ප්‍රකාශ කරන්න බලාගෙන සිටින බවත් ජනාධිපතිවරණය නිශ්චිත වශයෙන්ම පැවැත්විය යුතු කාල සීමාවේදී පැවැත්විම සඳහා අවශ්‍ය සහයෝගය ආණ්ඩුව මැතිවරණ කොමිසමට ලබාදිය යුතු බවත් ඒ වගේම සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය අනිවාර්යෙන්ම ජයග්‍රහනය කරන බවත් තිස්ස අත්තනායක මහතා  හෙතෙම සඳහන් කළේය.

    සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ගොඩනැගිම සඳහා අවශ්‍ය කරන කටයුතු සියල්ල ෙඅවසන් අදියරේ පවතින බවත් ඒ සඳහා පාර්ශ්ව ගණනාවක් සමඟ සාකච්ඡා කර තිබෙන බවත් සන්ධානයේ කටයුතු ජනවාරි මාසය තුළ අවසන් කරන්න කටයුතු කරලා තිබෙන බවත් ඉදිරියේදී එකතු වන කණ්ඩායම් සමගි ජන සන්ධානයට එකතුවීමට නියමිතව තිබෙන බවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව ගෙදර යවන්න දැවැන්ත දේශපාලන සහයෝගීතාවයක් ගොඩනැගිම අත්‍යාවශ්‍ය කාරණයක් බවත්  සමගි ජන සන්ධානයට එකතු කර ගන්නේ ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබෙන කණ්ඩායම් පමණක් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා  මෙසේද පැවැසීය.

        ‘‘වැට් බද්ද වැඩි කිරිම හරහා විශාල බරක් මහජනතාව මත පැටවෙමින් තිබෙනවා. මහජනතාවගේ දෛනික ජිවිතය ගත කර ගැනීමට නොහැකි තත්ත්වයකට ජනතාව මුහුණ දිලා තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉතා සිඝ්‍ර ලෙස වැඩි වෙලා තිබෙනවා.  ඒ සමඟ කිසිදු ආකාරයක සහනයක් ජනතාවට ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා.

    ඊයේ සිට කිරිපිට කිලෝ එකක් මිල රුපියල් 75 කින් වැඩි කරලා තිබෙනවා. වැට් බද්දේ ප්‍රතික්‍රියාවක් විදිහට භාණ්ඩ විවිධ මිල ගණන් වලින් වැඩිවුණා. වැට් බද්දට අදාල වල භාණ්ඩවල මිල කිසිදු ආකාරයක සොයාබැලිමකින් තොරව සියයට 30 ක වැඩිවීමට සමානුපාතිකව මිල ගණන් ඉහළ දමා තිබෙනවා. මෙය ඉතාම බරපතල තත්ත්වයක්.  මහජනතාවට ජිවත් වෙන්න පුලුවන් සහනයක් අනිවාර්යෙන් ආණ්ඩුව ලබාදිය යුතුයි. එසේ නොකළහොත් සිංහල අලුත් අවුරුද්ද වනවිට ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වලා රටේ ජනතාව පාරට බහිත තත්ත්වයකට පත්වෙන්න ඉඩ තිබෙනවා. භාණ්ඩ වල මිල ගණන් ඉහළ ගොස් තිබෙන්නේ භාණ්ඩ නිෂ්පාදන වියදම නිසා නෙවෙයි භාණ්ඩවලට එකතුවෙලා තිබෙන බදු නිසා තමයි භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබෙන්නේ. භාණ්ඩවල මිල ඉහළ ගොස් තිබෙන්නේ ආණ්ඩුව ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක කළ වැට් බද්ද නිසා. 

    ආණ්ඩුවට සල්ලි ඕන නම් ආණ්ඩුව ආදායම වැඩිකරගත යුතුයි.  ආදායම් වැඩි කර ගැනිමට තිබෙන එකම ක්‍රමය බදු වැඩි කිරිම නෙවෙයි. ආණ්ඩුව විකල්පයක් තිබෙන එක විකල්පයක් තමයි වියදම අඩු කරගැනීම.

    ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය රුපියල් මිලියන 200 ක් අතිරේකව පරිපුරක ඇස්තමේන්තුවකින් ඉල්ලනවා

    2024 අයවැය අවසන් වීමටත් ප්‍රථම පරිපුරක ඇස්තමේන්තුවකින් ජනධිපතිවරයාගේ වැය ශීර්ෂ වැඩි කර ගන්න ඉල්ලනවා. අවුරුද්දේ දවස් 15 ක් ගතවනවිට රටේ මිනිසුන්ගේ බදු ආදායම්වලින් රුපියල් ලක්ෂ 2000 ක් ජනාධිපතිවරයාගෙ වැය ශිර්ෂය වෙනුවෙන් අතිරේකව ඉල්ලා සිටින තත්ත්වයට ආණ්ඩුව පත්වෙලා තිබෙනවා. මෙලෙස මුදල්  ඉල්ලන්නේ ජනාධිපතිවරයාගේ විදෙස් ගමන්වල වියදම් පියවීමට. ජනාධිපතිවරයාගේ වාහාන නඩත්තු කිරිමට. ජනාධිපතිවරයා මාස 14 ක් විතර වෙනවා.ඒ කාලය ඇතුළත ජනාධිපතිවරයා විදෙස් ගමන් 14 වතාවක් ගිහින් තිබෙනවා. ඒ විදෙස් සංචාරවලින් රටට ලැබුණු කිසිදු ප්‍රයෝජනයක් නෑ. අධික මුදලක් වියදම් කරලා ඒ මුදල් පියවා ගැනීමට ජනතාවගේ බදු මුදල් වලින් පරිපුරක ඇස්තමේන්තු හරහා සල්ලි ඉල්ලන්න ජනාධිපතිවරයාම පටන් ගෙන තිබෙනවා.

    2023 නොවැම්බර් මාසයේ කිව්වා 2024 ජනවාරි සිට විදුලිබිලට සහනයක් ලබාදෙනවා කියලා. ඒ සහනය හිමිවෙන්නේ එකකයකට රුපියලයි දෙකයි අඩුවෙන්නේ.  නමුත් වැඩි කරනවිට රුපිියල් 25 කින් 30 කින් තමයි විදුලිබිල වැඩි කරන්නේ. ගිය කාර්තුවේ විදුලි බල මණ්ඩලය බිලියන 50 කට වඩා ලාභයක් ලබලා තිබෙනවා. එවන් ලාභයක් ලැබුවානම් ඒ සහනය පාරිභෝගික ජනතාවට ලබාදිය යුතුයි. ඒ නිසා තමයි විදුලි බල මණ්ඩලය ලබන අධික ලාභයෙන් කොටසක් ජනතාවට ලබා දෙන්න කියලා විපක්ෂ නායකවරයා උසාවියේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ.

    සැප්තැම්බර් 15 සහ ඔක්තොම්බර් 15 අතර කාලයේ ජනාධිපතිවරණය තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා. මහ මැතිවරණය 2025 ජනවාරි මාසයේ තිබෙන බවත් ජනාධිපතිවරයා පවසනවා. ඉන්පසු පළාත්සභා සහ පළාත් පාලන මැතිවරණ තිබෙනවා කියලත් ඔහු සඳහන් කරනවා.  ජනාධිපතිවරණය ගැන කිසිදු උපදේශයක් ජනාධිපතිවරයාගෙන් අවශ්‍ය වෙන්නේ නෑ. ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සැප්තැම්බර් සහ ඔක්තොම්බර් අතර කාලයේ පැවැත්විය යුතුයි.  ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ගැන තීරණය කරන්න බෑ. ජනාධිපතිවරයා මැතිවරණ සිතියම හකුළලා වාර්තාවක් තියලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය හකුළුවලා අවුරුදු 6 ක් වෙනවා. පළාත් සභා මැතිවරණය නොපැවැත්වීම රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරිමක්. පළාත් සභා මැතිවරණය නොපැවැත්තුවා කියලා ඒ සඳහා කරන වියදම අඩුවෙලා නෑ. පළාත් සභා නියෝජිතයන්ට ගෙවන සුලු මුදල විතරයි අඩු වෙලා තිබෙන්නේ. අනිත් වියදම් සියලුම ක්‍රියාත්මක වෙනවා.

    පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයාගේ විධායක බලය භාවිතා කරලා කල් දාලා තිබෙනවා. මුදල් අමාත්‍යාංශය මැතිවරණ කොමිසමට අවශ්‍ය මුදල් ලබාදෙන්නේ නෑ. ඒ හරහා පළාත් පාලන මැතිවරණය නවත්වලා තිබෙනවා. මැතිවරණය කල් දැම්මේ මුදල් නැති නිසා නෙවෙයි. පළාත් පාලන මැතිවරණයෙන් ආණ්ඩුව අන්ත පරාජයකට පත්වෙන නිසා. ජනතාව ආණ්ඩුවට එරෙහිව මතය ප්‍රකාශ කරන්න බලාගෙන ඉන්නේ. ජනාධිපතිවරණය නිශ්චිත වශයෙන්ම පැවැත්විය යුතු කාල සීමාවේදී පැවැත්විම සඳහා අවශ්‍ය සහයෝගය මැතිවරණ කොමිසමට ලබාදිය යුතු වෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණය ජයග්‍රහනය කරනවා.

    එක්සත් ජාතික පක්ෂය කියනවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ඡන්ද ලක්ෂ 100 ක් අරගෙන ජනාධිපති වෙනවා කියලා.  පාර්ලිමේන්තුවට තේරී පත්වෙන්න ඡන්ද 35,000 ක් ලබාගන්න නොහැකිව පරාජය වුණ ජනාධිපතිවරයාට ලක්ෂ 100 ක් ඡන්දය දෙන්න ඔහු රටට මොනවා කළාටද?. එක්සත් ජාතික පක්ෂය ඉන්නේ හීන ලෝකයක. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ඉන්නේ පොහොට්ටුවේ හයියෙන්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පරාජය වෙන්න ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. ඔහු ගණන් හදලා ඉලක්කම් බලලා තමයි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ.

    කවුරු ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණත් 2024 ජනාධිපතිවරණයෙන් ජයගන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස.

    සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය තීරණය කළා ජනතාව වෙනුවෙන් ජනතාව පත්වෙලා සිටින පීඩනය පිට කරන්න විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ විරෝධතා ව්‍යාපාරය රට පුරා ඇති කරනවා.  ජනවාරි 30 වැනිදා පළමු විරෝධතාවය කොළඹදි ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සියලුම දෙනාට එම විරෝධතා ව්‍යාපාරය සමඟ එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.‘‘

    සියයට 25 කට එහා ප්‍රතිශතයකින් විදුලි බිල අඩුවිය යුතුයි

    ‘‘විදුලි බල මණ්ඩලයේ තිබෙන වියදම් පියවා ගන්න කියලා තමයි විදුලි බිල වැඩි කළේ. විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ පාරිභෝගිකයන්ට විදුලිය විකිණිමෙන් ලැබෙන අලාභයෙන් නෙවෙයි. විදුලි බල මණ්ඩලයේ තිබෙන  අධික දුෂණය හේතුවෙන්. විදුලි ඒකක මිලදි ගැනිම සඳහා අනුගමනය කරන වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන්. ඒ වියදම් නිසා තමයි විදුලි බල මණ්ඩලය පාඩු ලබන්නේ. නිෂ්පාදනය කරන විදුලිය හරහා ලංවීම පාඩු ලබන්නේ නෑ. මේ පාඩුව පෙන්නලා ආණ්ඩුව විදුලිබිලි සියයට 300 කින් විතර වැඩි කළා. විදුලි බිල වැඩි කිරිම රටේ කර්මාන්ත වලට , හෝටල්වලට , සියල්ලටම බලපෑවා.  විදුලි බල මණ්ඩලයේ පාඩුව අවම වෙනවානම් ඒ සහනය ජනතාවට දෙනවා කියලා ආණ්ඩුව කිව්වා. සියයට 300 කින් වැඩි කළ විදුලි බිල වැඩි කරන්න යන්නේ රුපියල් 3 කින් 4 කින්. ඒ අඩුකරන මුදල ජනතාවට දැනෙන්නේ නෑ. විදුලි බල මණ්ඩලය පසුගිය මාස කිහිපය තුළ බිලියන 50 කට වැඩිය ලාබ ලැබුවා. සියයට 25 කට එහා ප්‍රතිශතයකින් විදුලි බිල අඩුවිය යුතුයි. විදුලිය නිෂ්පාදනය කරන සෑම ජලාශයක්ම පිරිලා ඉතිරිලා ගොස් තිබෙනවා. ඒ අනුව විදුල එ්කකයක් නිෂ්පාදනය කරන්න යන වියදම රුපියල් 5 කටත් වඩා අඩුයි. ඒ නිසා තමයි මේ සම්බන්ධයෙන් විභාග කරලා ජනතාවට සහනයක් ලබාදෙන්න කියලා උසාවියට ගිහින් මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කළේ. ‘‘

    වැටුප් ප්‍රශ්නය විසඳීමේදි සෑම කෙනෙකුටම සාධාරණවක් සිදුවිය යුතුයි

    ‘‘උපයන විට ආදායම් බදු අයකිරිම හේතුවෙන් වෘත්තිකයන්ට බරපතල ප්‍රශ්නයක් ඇතිවුණා ඒ හරහා ඔවුන්ගේ වැටුපෙන් විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වුණා. ඒ නිසා ආණ්ඩුව මේ ප්‍රශ්නය විසදිම සඳහා වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක් වැඩි කිරිමෙන් ලබාදිලා තිබෙන්නේ පැලැස්තර විසඳුමක්. සමාජයේ සෑම ක්ශ්‍රේත්‍රයකටම වැඩ කරන ජනතාවට මේ ප්‍රශ්නය බලපානවා. වැටුප් ප්‍රශ්නය විසඳීමේදි සෑම කෙනෙකුටම සාධාරණ ලෙස මේ ප්‍රශ්නය විසඳන්න අවශ්‍යයි. තෝරා බේරා වැටුප් ප්‍රශ්නය විසඳන්න ගියොත් රටේ වැඩකරන ජනතාවට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා.‘‘

    යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට

    ‘‘යුක්තියේ මෙහෙයුම හොද දෙයක්. රටේ මත්ද්‍රව්‍ය ජාවාරම , පාතාලය මර්දනය කළ යුතුයි. අපි ඒ කටයුතුත්ත ප්‍රතික්ශේප කරන්නේ නෑ. නමුත් යුක්තිය මෙහෙයුම ආරම්භ කළේ දේශපාලන ව්‍යාපෘතියක් විදිහට. ඒ වැටලීම් වලින් අත්අඩංගුවට ගන්නේ පුංචි ප්‍රමාණයේ මිනිස්සු. නමුත් මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනිමක් සිදුවෙන්නේ නෑ. පොලිසය සතුව සියලු තොරුතුරු තිබෙනවා. එසේ තිබියදී මෙච්චර දවසක් මෙහෙයුම් නොකිරිම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. මාධ්‍ය ඉස්සරහට දාගෙන මේ මෙහෙයුම් කළ යුතු නෑ. යුක්තියේ මෙහෙයුමට දේශපාලන ලේබල් ඇලවීමෙන් සිදුවන්නේ ඒ මෙහෙයුම පිළිබඳ තිබෙන විශ්වාසය කඩවෙන එක. මෙවැනි මෙහෙයුමක් සිදුකරද්දි ජනතාවගේ මූලික අයිතිවාසිකම්ද ආරක්ෂා කළ යුතුයි. අනවශ්‍ය ප්‍රචාරණය් හරහා මේ මෙහෙයුම් කිරිමෙන් මානව හිමිකම් කොමිසන් සභාවත් මේ සඳහා මැදිහත්වෙන්න ඉඩ තිබෙනවා.‘‘

    සමගි ජන සන්ධානය ගොඩනැගිම සඳහා අවශ්‍ය කටයුතු අවසන් අදියරේ

    ‘‘සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ගොඩනැගිම සඳහා අවශ්‍ය කරන කටයුතු සියල්ල මේ වනවිට අවසන් අදියරේ තිබෙන්නේ. පාර්ශ්ව ගණනාවක් සමඟ අපි සාකච්ඡා කරලා තිබෙනවා. සන්ධානයේ කටයුතු ජනවාරි මාසය තුළ අවසන් කරන්න කටයුතු කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න කෘත්‍යාධිකාරි මණ්ඩලය පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට පූර්ණ බලය ලබාදිලා තිබෙනවා. ඉදිරියේදී එකතු වන කණ්ඩායම් සමගි ජනබලවේගයට එකතු වෙන්නේ නෑ ඔවුන් සමගි ජන සන්ධානයට එකතුවීමට නියමිතව තිබෙනවා. දැනට  සමගි ජන බලවේගය සමඟ එකතු වි සිටින දේශපාලන කණ්ඩායම් අලුතින් එකතුවන පිරිසත් සමඟ වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ පොහොට්ටු ආණ්ඩුව ගෙදර යවන්න දැවැන්ත දේශපාලන සහයෝගීතාවයක් ගොඩනැගිම අත්‍යාවශ්‍ය කාරණයක්. අපේ ප්‍රතිපත්ති සමඟ ගමන් කළ හැකි කණ්ඩායම් තමයි එකතු කර ගන්නේ. ජයග්‍රහනය කරන්න ප්‍රතිපත්තිමය එකඟතාවයක් තිබෙන කණ්ඩායම් තමයි අපි එකතු කරගන්නේ. ‘‘

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version