English
සිංහල
08:49 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රනිල්ගේ දේශපාලන ගෝලයා, රනිල්ගෙන් ගේමම ඉල්ලයි. පොහොට්ටු අපේක්ෂකයා රනිල්ලු.

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මාධ්‍ය විකාශන අධිකාරී පනත ගෙන ඒම හරහා රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම සහ තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය නැතිවන බවත් මෙම පනත ගෙන ඒමෙන් සිදුවන්නේ රට තව තවත් කඩා වැටීමට ලක්වීම පමණක් බවත් තොරතුරු දැන ගැනීම , අදහස් ප්‍රකාශ කිරිම නවත්වා බලය රැක ගැනීමට ආණ්ඩුව සිතනවානම් එය මෝඩ අදහසක් බවත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වැට බැඳිමෙන් සිදුවන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ආයු කාලය අඩුවීමක් බවත් සමගි ජන බලවේග මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

    අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මාධ්‍ය විකාශන අධිකාරී පනත ගෙන ඒම හරහා ෆෙස්බුක් , ඉන්ස්ට්‍රගෑම් , ටික්ටොක් , ඊමේල් වැනි බහුජාතික සමාගම් රැසක් ලංකාවෙන් ඉවත්වීමට ඉඩ ඇති බවත් මෙම බහුජාතික සමාගම් ලංකාවෙන් ඉවත් වුවහොත් විශාල රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වන බවත් රහුමාන් මහතා කීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා පැවසුවේ , කෝප් කමිටුවේ සභාපතිව ඉවත් කිරීමේ තින්දුව ගැනිමට නොහැකි නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන බවත් පාර්ලිමේන්තුවේ අලුත් වාරය ආරම්භ කිරිමට විශාල මුදලක් වැය වන බවත් එමෙන්ම නැවත පාර්ලිමේන්තු කමිටු වලට සමාජිකයන් පත් කිරිමට, නැවත කමිටු වලට සභාපතිවරු පත්කිරිමට සිදුවන බවත් කෝප් සහ කෝපා කමිටුවල සිදුකළ පරික්ෂණ සියල්ල නවතින බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය.

    ‘‘මහජන ආරක්ෂක ඇමැතිවරයා මාධ්‍ය විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. ආණ්ඩුව සුදානම් වෙන්නේ ඉක්මනින්ම මාධ්‍ය විකාශන අධිකාරි පනත පාර්ලිමේන්තුවට ඉදිරිත් කරලා සම්මත කර ගන්න. මාධ්‍ය විකාශන අධිකාරි පනතට විරෝධතා රැසක් එල්ල වුණා. ඒ තුළ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ආණ්ඩුව කල් ගත්තා.

    ජනාධිපති මැතිවරණය පැවැත්වීමට ආසන්නව තිබෙන මොහොතක ආණ්ඩුව විසින් සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩඩි තමන් සතු කර ගන්න ආණ්ඩුව උත්සහ කරමින් සිටිනවා.

    මාධ්‍ය විකාශන අධිකාරී පනත හරහා සමාජ මාධ්‍ය ජාලා සහ වෙබ් අඩවි හරහා අදහස් ප්‍රකාශ කිරිම් වලට ආණ්ඩුවට අවශ්‍ය පරිදි වාරණ නිකුත් කරලා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි පාලනය කරන්න පුලුවන්.

    රටේ ජනතාවගේ දේශපාලන විඥාණය වැඩි දියුණු කරන්න සමාජ මාධ්‍ය විශාල වැඩ කොටසක් කරනවා. රටේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කිරිම , වංචා දූෂණ ගැන , අකර්යක්ෂමතා පිළිබද , රාජ්‍ය නිලධාරින් කරන නීතිවිරෝධි කටයුතු පිළිබඳ සමාජ මාධ්‍ය හරහා ක්ෂණිකව ජනතාවට දැන ගන්න අවස්ථාව තිබෙනවා.

    ජනාධිපතිවරයාගේ සිට පහළම නිලධාරියා දක්වා සියලුම කටයුතු සමාජ මාධ්‍ය හරහා විමර්ෂනයට ලක් වෙනවා. මැතිවරණ වර්ෂයක් තුළ සමාජ මාධ්‍යයේ මෙවැනි ක්‍රියාකාරමකම් ආණ්ඩුවට හිසරදයක් බවට පත්වෙලා තිබෙනවා. දේශපාලනිකව මේ දෙය ආණ්ඩුවට අවාසි නිසා මාධ්‍ය විකාශන අධිකාරී පනත ගෙනල්ලා ඒ පනත සම්මත කරගෙන සමාජ මාධ්‍ය වලට වාරණ නිකුත් කරලා ඔවුන්ව අත්අඩංගුවට ගෙන සමාජ මාධ්‍ය පාලනය කරන්න තමයි මාධ්‍ය විකාශන අධිකාරී පනත පොලිසිය භාර ඇමැතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙන්නේ.

    සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික මඩ ගැසීම් සිදුවෙනවානම් , කාන්තා හිංසනය ඇතිවෙනවානම් , ළමා හිංසන ඇතිවෙනවානම් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්න පුලුවන් නීති අණ පනත් ලංකාව තුළ තිබෙනවා.

    සමාජ මාධ්‍ය විනය රාමුවකට ඇතුළත් කිරිමට අවශ්‍ය නම් ඒ සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය තිබෙනවා. ජනමාධ්‍ය ඇමැතිවරයාට පුලුවන් මාධ්‍ය ආයතන සමඟ මාධ්‍ය සංවිධාන සමග සාකච්ඡා කරලා ජනමාධ්‍යවේදින් සමඟ සාකච්ඡා කරලා අවශ්‍ය පියවර ගන්න පුලුවන්. රටේ ජනමාධ්‍ය ඇමැතිවරයා සිටින අවස්ථාවක පොලිසිය භාර ඇමැතිවරයා ඇයි මාධ්‍ය විකාශන අධිකාරී පනත ගේන්නේ ?. ජනාමාධ්‍ය ඇමැතිවරයාගේ විෂය පොලිසිය භාර ඇමැතිවරයාට භාර දිලා මාධ්‍ය මර්දනය කරන්න.
    මාධ්‍ය විකාශන අධිකාරී පනත පොලිසිය භාර ඇමැතිවරයා හරහා ඉදිරිපත් කිරිමේ යටි අරමුණ වෙලා තිබෙන්න නිදහස් අදහස් ප්‍රකාශ කරන සමාජ මාධ්‍යවල නිරත වෙලා සිටින පිරිස හා ආණ්ඩුවට විරුද්ධව මත පළ කරන පිරිස මර්දනය කරන්න තමයි මේ පනත ගෙන ඒමේ අරමුණ වෙලා තිබෙන්නේ.

    මාධ්‍ය විකාශන අධිකාරී පනත හදන්න සම්බන්ධ වුණ උදවිය තුන්පාරක් සිංගප්පූරුවට ගියා. ඇමැතිවරයාතේ සිංගප්පූරුවට ගියා. සිංගප්පූරුවට ගිහිල්ලා ASIA INTERNET කියන සමාගම හමුවෙලා තිබෙනවා. ඒ වගේම සමාජ මාධ්‍යවල නිරත වෙලා සිටින ව්‍යාපාරික ආයතන මුණගැහිලා තිබෙනවා.ඒ ව්‍යාපාරික ආයතන ප්‍රකාශ කරලා තිබෙනවා මාධ්‍ය විකාශන අධිකාරී පනත වෙනස් කරන්න කියලා. ඒ පනතට ඔවුන් එකඟ නෑ කියලා ඔවුන් පවසලා තිබෙනවා. වෙනස් කරන්න කියලත් ආණ්ඩුව මාධ්‍ය විකාශන අධිකාරී පනත වෙනස්කම් නොකර තමයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න සූදානම් වෙන්නේ.

    මාධ්‍ය විකාශන අධිකාරී පනත ගෙන ඒම හරහා ෆෙස්බුක් , ඉන්ස්ට්‍රගෑම් , ටික්ටොක් , ඊමේල් වැනි සමාගම් රැසක් ලංකාවෙන් ඉවත්වෙන්න පුලුවන් අවධානම අනතුර තිබෙනවා. මෙවැනි දෙයක් පකිස්ථානයෙත් වෙලා තිබෙනවා. මේ සමාගම් ලංකාවෙන් ඉවත් වුණොත් විශාල රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වෙනවා. ලංකාවේ මාධ්‍ය ආයතන පවා අද ආදායමක් ලබාගන්නේ අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය හරහා.

    මාධ්‍ය විකාශන අධිකාරී පනත ගෙන ඒම හරහා රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරිම සහ තොරතුරු දැන ගැනීමට තිබෙන අයිතිය නැතිවෙනවා. මේ පනත ගෙන ඒමෙන් තවදුරටත් සිදුවන්නේ රට තව තවත් කඩා වැටීම පමණයි. තොරතුරු දැන ගැනීම නවත්වලා , අදහස් ප්‍රකාශ කිරිම නවත්වලා බලය රැක ගැනීමට ආණ්ඩුව සිතනවානම් එවැනි මෝඩ අදහසක් තවත් නෑ. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට වැට බැඳිමෙන් සිදුවන්නේ වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුවේ ආයුෂ අඩුවීම පමණයි. මාධ්‍ය විකාශන අධිකාරී පනතට විරුද්ධව අපි අධිකරණයට යනවා. ‘‘

    කෝප් කමිටුවේ සභාපති ඉවත් කිරිමේ තින්දුව ගන්න බැරි නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න හදන්නේ

    ‘‘පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනවා කියලා කතානායකවරයා නිවේදනයක් නික්තුකරලා තිබෙනවා.
    පාර්ලිමේන්තුවේ වාර අවසාන කළා කියලා ජනාධිපතිවරයා ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුව තිබෙනවා. ඊට කලින් කතානායක පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනවා කියලා ප්‍රකාශ කරන්නේ නෑ. පාර්ලිමේන්තුවේ වාර අවසාන කරනවා කියලා කතානායකවරයෙක් ප්‍රකාශ කරේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට.

    ක්‍රිකට් ආයතනය සම්බන්ධව හෙළි වුණ වංචා දූෂණ හරහා කෝප් කමිටුවේ සභාපතිට චෝදනා එල්ල වුණා.
    කෝප් කමිටු තුළදී ක්‍රිකට් ආයතනයට පක්ෂක්ග්‍රාහීව ක්‍රියා කළ බවට කෝප් කමිටුවේ සභාපතිවරයාට චෝදනා එල්ල වුණා. පසුව පාර්ලිමේන්තුවේ සියලු දෙනාම කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා කෝප් කමිටුවේ සභාපතිව ඉවත් කරන්න කියලා. කතානායකගේ බලය තමයි කෝප් කමිටු සභාපතිට ලබාදීලා තිබෙන්නේ. ඒ අනුව කෝප් කමිටුවේ සභාපතිව ඉවත් කරන්න කතානායකවරයාට හැකියාව තිබෙනවා.

    කෝප් කමිටුවේ සභාපතිව ඉවත් කිරිමේ තින්දුව ගන්න බැරි නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න හදනවා.

    පාර්ලිමේන්තුවෙ අලුත් වාරය ආරම්භ කරන විශාල මුදලක් වැය වෙනවා. නැවත පාර්ලිමේන්තු කමිටු වලට සමාජිකයන් පත් කරන්න ඕන , නැවත කමිටු වලට සභාපතිවරු තෝරාපත්කර ගන්න ඕන , කෝප් සහ කෝපා කමිටුවල සිදුකළ පරික්ෂණ සියල්ල නවත්වන්න ඕන ,

    කතානායකට පාර්ලිමේන්තුව කළමනාකරණය කර ගන්න බැරිනම් , ඉන්න සභාපතිවරයෙක් අයින් කරලා අලුත් සභාපතිවරයෙක් නම් කර ගන්න බැරිනම් , පොහොට්ටුවට විරුද්ධව තීන්දුගන්න කාතානායකවරයා අසමත් වෙලා තිබෙනවා. ඒ තීරණය ගන්න ආත්ම ශක්තියක් නැති නිසා පාර්ලිමේන්තුව වාර අවසන් කරන්න කියලා ජනාධිපතිවරයාගෙන් කතානායකවරයා ඉල්ලනවා. කාලය සහ මුදල් අනවශ්‍ය ලෙස වැයවීමක් මේ ක්‍රියාව නිසා සිදුවෙනවා. එක් පුද්ගලයෙක් වෙනුවෙන් තමයි පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න යන්නේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතුයි. පාර්ලිමේන්තුව තුළින් රටේ ජන මතය නියෝජනය වෙන්නේ නෑ. වර්තමාන පාර්ලිමේන්තුව විකෘති පාර්ලිමේන්තුවක්.
    පාර්ලිමේන්තුව වාර අවසන් කළා කියලා වැඩක් නෑ නැවත පාර්ලිමේන්තුවට එන්නේ පරණ කට්ටියම තමයි.
    අර්බුදයට විසඳුම වාර අවසාන කිරිම නෙවෙයි අර්බුදයට විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා හැරලා අලුත් ජන මතයකට ගිහින් අලුත් ආණ්ඩුවක් බිහි කිරිම. ‘‘

    ආණ්ඩු විරෝධී උද්ඝෝෂණය ජනවාරි 30

    ‘‘ආර්ථික අර්බුදය සමඟ රටේ ජනතාව දැඩි පීඩනයකට ලක් වෙලා තිබෙනවා. වැට් බද්ද ඉහළ දැමීම , විදුලි බිල වැඩි කිරිම , ජලබිල වැඩි කිරිම , අත්‍යාවශ්‍ය භණ්ඩ හා සේවා වල මිල වැඩි කිරිම සහ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සිටින නිශ්ශබ්දතාවය කඩන්න ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග සහ ජනතාව ජනවාරි 30 කොළඹට ගෙනල්ලා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක් සිදුකරනවා. ‘‘

    ජනාධිපතිගේ බලතල භාවිතා කරලා කොළඹ නගර සභාවට අයිති දේපළ මංකොල්ල කාලා

    ‘‘කොළඹ නගර සභාවට අයත් ප්‍රජාශාලාවක් තිබෙනවා මරදාන සුදුවැල්ල ප්‍රදේශයේ. ඒ ප්‍රජාශාලාව ගොඩනගලා තිබෙන්නේ කොළඹ ජිවත්වල අඩුආදායම්ලාභින්ට උත්සව ගන්න. ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කරන සංවිධායකවරයෙක් ඒ ප්‍රජාශාලාවේ තාප්පය කඩලා ප්‍රජාශාලව තිබෙන භූමියේ අනවසර ඉදිකිරිම් කිහිපයක් කරමින් තිබෙනවා. ඒ පිළිබඳව කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රීවරු සියලා දෙනාම පැමිණිලි කරලා තිබෙනවා. නමුත් කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමිය සහ නිලධාරින් ඒ සම්බන්ධයෙක් කිසිදු පියවරයක් අරගෙන නෑ. රාජ්‍ය නිලධාරින් රාජ්‍ය දේපළ ආරක්ෂා කර ගන්න ඉදිරියට එන්නේ නැති එක ගැටලුවක්. කොළඹ නගර සභාවේ බදු මුදල් වලින් තමයි මේ ප්‍රජාශාලාව ගොඩනගලා තිබෙන්නේ. කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමිය ප්‍රජාශාලා භූමියට හානි කළ පුද්ගලයා අත්අඩංගුවට ගත යුතුයි. නමුත් තවම ක්‍රියාමාර්ගයක් අරගෙන නෑ. කොළඹ නගර සභාවට බදු ගෙවන ජනතාවගේ දේපළ අයිති කරගන්න කාටවත් බෑ.

    ඒ ගැන අපි ජනාධිපතිවරයාට පැමිණිලි කළා. ඒ පැමිණිලි කරපු ලිපි ශිර්ෂයක් අරගෙන පුද්ගලයෙක් මට විරුද්ධව කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් දාලා තිබෙන්නේ. ලියුමේ තිබුණ අන්තර්ගතය ගැන කතා කරන්නේ නැතිව මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු ලිපි ශිර්ෂ අවභාවිතා කළා කියලා පැමිණිල්ලක් දාලා තිබෙනවා. ජනාධිපතිගේ බලතල භාවිතා කරලා කොළඹ නගර සභාවට අයිති දේපළ මංකොල්ල කාලා තිබෙනවා. කොළඹ නගර සභාවේ කොමසාරිස්තුමියට කොළඹ නගර වැසියන්ගේ දේපළ ආරක්ෂා කර ගන්න බැරිනම් ඇයට ඒ තනතුරේ ඉන්න සුදුසුකමක් නෑ. එතුමියට විරුද්ධව අපි අද අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කළා. ‘‘

    පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ

    ‘‘පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. වෙන කවුරුත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. ප්‍රසන්න රණතුංගත් කියලා තිබෙනවා රනිල් වික්‍රමසිංහට එක් අවස්ථාවක් දෙන්න ඕන කියලා.

    මහින්ද රාජපක්ෂ කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාට සුදුසුදු කියලා සලකා බලනවා කියලා. රෝහිත අබේගුණවර්ධන කිව්වා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහගේ නමත් තිබෙනවා කියලා. මේ සුදානම් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කරන්න. එක්සත් ජාතික පක්ෂයත් කියනවා ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා. රාජපක්ෂලාට තිබෙන නඩු යටපත් කරන්න වික්‍රමසිංහ අවශ්‍ය වෙනවා. වික්‍රමසිංහට බලය රැක ගන්න රාජපක්ෂලාගේ සහය අවශ්‍ය වෙනවා.

    රනිල් වික්‍රමසංහට එජාප නායකධුරය රැකගන්නත් උදව් කළේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස. එක්සත් ජාතික පක්ෂය කියනවා රනිල් වික්‍රමසිංහ ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා. නමුත ගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගත්තේ ඡන්ද ලක්ෂ දෙකයි. ලක්ෂ දෙක කොහොමද ලක්ෂ 100 ක් බවට පත්වෙන්නේ. ජනතාව විශ්වාස කරන දේවල් පවසන්න ඕන. එහෙම නැති දේවල් කියලා තමයි එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ‘‘

    ගණිකා වෘත්තිය නීතිගත කළොත් සමාජ අර්බුද වැඩි වෙන්න පුලුවන්

    ‘‘ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකාවක් කියලා තිබෙනවා ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕන කියලා. ආර්ථික දරිද්‍රතාවයක් තිබෙන රටක මෙවැනි නීති ගෙන ඒම තුළ ඒ රැකියා උත්පානදය කරන්න උත්සහ කරනවාද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ නිසා මේවැනි දේවල් ඇති කිරිම තුළ සමාජය තුළ තිබෙන අර්බුදය තව තවත් වැඩිවිමක් සිදුවෙනවා. ආර්ථික දරිද්‍රතාවය නිසා බොහෝ පිරිසක් සංස්කෘතික විරෝධි වෘත්තීන් වල නියැලෙන බව සමීක්ෂණවලින් තහවුරු වෙලා තිබෙනවා.
    ඔවුන් එවැනි රැකියාවල නිරත වෙලා ඉන්නේ තමන්ගේ පවුල රැක ගැනීමට. (balawegaya)

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version