ලංකා IOC සමාගම නැවත වරක් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ඩිසල් සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් යළිත් බස් ගාස්තු වැඩි කිරිමට සිදුවන බවට බස් හිමියන් අනතුරු අඟවයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියාසිටියේ ලබන ජූලි මාසය දක්වා නැවතත් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට අවසන් බස් ගාස්තු සංශෝධනයේදී කිසිදු පොරොන්දුවක් රජයට නොදුන් බවයි.
















































