English
සිංහල
07:40 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    රටෙි අනාගතය තරුණ පරපුරට බාර දෙන්න. පාඨලී

    Ravana by Ravana
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මුස්ලිම්,දෙමළ සියලු ජාතින් එකාමෙන් රටේ අනාගතය තරුණ පරපුරට බාරදීමට කටයුතු කළ යුතුයි.


    මේ වනවිට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති බංකොලොත් භාවයෙන් මිදීම සඳහා රටක් වශයෙන් උතුර – දකුණ, නැගෙනහිර – බස්නාහිර වශයන් බෙදීමට ලක් නොවී එකම අරමුණක් යටතේ එක්විය යුතු බවත් අතීතයේ සිදුවූ සිදුවීම් අමතක කොට සිංහල, මුස්ලිම්,දෙමළ සියලු ජාතින් එකාමෙන් රටේ අනාගතය තරුණ පරපුරට බාරදීමේ වැඩපිළිවලට එක්විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    ඒ මහතා මේ බව පවසා සිටියේ 2024.01.20 දින පැවති එක්සත් ජනරජ පෙරමුණේ නැගෙනහිර පළාත්, මඩකලපු දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

    මේ අවස්ථාව සංවිධානය කරන ලද්දේ එන්.එම්.එම්.මර්සූක් මහතාගේ ප්‍රධානත්වයෙන් සී.එම්.එම් ෆාරිස්, එන්.එම්.එම්. ෆයාස්, එම්.එම්.එම්. මුසම්මිල්, ආර්. ජෙගනාදන්, ආර්.එම්.තානීශ්, ටී.එම්. තාහ්සීන්, යූ.එල්. ජිෆ්‍රි, ෆාතිමා සජීනා යන මහත්ම මහත්මීන් විසින් වන අතර සම්බන්ධීකරණ කටයුතු තීක්ෂණ ගම්මන්පිල මහතා විසින් සිදුකරන ලදී.

    එහිදී එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් 2007 වර්ෂයේදී යුද ගැටුම් පවතින අවස්ථාවේදී පවා එවක හිටපු පරිසර අමාත්‍යවරයා ලෙස මඩකලපුව පරිසර උද්‍යානයක් වෙරළ අශ්‍රිතව විවෘත කොට ඇති බවත් යුද ගැටුම් අවසන් වීමෙන් අනතුරුව 2010 වසරේදී විදුලිබල අමාත්‍යවරයා ලෙස වාලච්චේන, මඩකලපුව, සමන්තුරේ සෑම ප්‍රදේශයකම විදුලි කාර්යාල ඉදි කොට සීයට සීයක් අම්පාර, මඩකලපුව, දිස්ත්‍රික්ක සඳහා විදුලිය ලබාදීමට හැකිවීම පිළිබඳව අද ඒ මහතා සතුටට පත්වන බවත් නාගරික සංවර්ධන අමාත්‍යවරයා ලෙස මඩකලපුව නව බස් නැවතුම්පොළ ඉදිකොට ජනතා අයිතියට ලබා දීමත් සිහිපත් කරන ලදී. එමෙන්ම නගර මධ්‍යයේ නව නගර ශාලාවක් ඉදිකිරීමට කටයුතු ආරම්භ කලද පසුව පැමිණි රජයන් එය නවතා දැමීම පිළිබඳව කණගාටු වන බවත් ඒ සමඟම ඇරඹි යාපනය යාපනය නගර ශාලාව මේ වනවිට වැඩකටයුතු නිමවීමටත් අසන්න බව පවසා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

    “අද අපේ කටයුත්ත ගොඩක් සංවිධානය කළේ අපේ තරුණ අය. අපේ තරුණ උගත් ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි, රස්සා නැතිකම. 2022 ඉඳන් රට බංකොලොත් වුණාට පස්සේ රටේ මිනිස්සු දස ලක්ෂයකට තිබිච්ච රස්සා අහිමි වෙලා තියෙනවා. අලුත් රස්සා ඇති කරන්න නම් අපිට රටේ ආර්ථිකය පුළුල් කරන්න වර්ධනය කරන්න ඒකට අලුත් ක්‍රියාමාර්ග අවශ්‍යයි. අලුත් නායකයෝ අවශ්‍යයි. අපි දන්නවා උතුරේ, දකුණේ අවස්ථා ගණනකදී තුවක්කු අරගෙන ආණ්ඩු මාරු කරන්න උත්සාහ කළා. තරුණ පිරිස් විශාල වශයෙන් ජීවිත හානි කරගත්තා, මිය ගියා. හැබැයි 2022 වර්ෂයේදී මේ රටේ තරුණ පරම්පරාව සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාම එකට එකතු වෙලා ඒ පැවතිච්ච ආණ්ඩුව නිරායුධවම පලවාහරින්න සමත් වුණා. එහෙනම් ඉතින් අපේ අරමුණ තමයි අන්න ඒ තරුණ පරපුරට මේ රට ඊළඟට බාරදීලා රට මේ තියෙන උවදුරෙන් ගලවා ගැනීමේ වගකීමත් ඔවුන්ට ලබා දෙන්න මග හසර පාදන එක. අද රටේ බඩු මිල ඉතාම වැඩියි. ගොවියට එළවළු පළතුරු, ධාන්‍ය වලට මිල ලැබෙන්නෙත් නෑ. ධීවරයන්ට මාළු වල මිල ලැබෙන්නෙත් නෑ. බිත්තර, කුකුල් මස් අනෙකුත් මස් වලට ඒ අදාල මිල ගණන් ලැබෙන්නෙත් නෑ. හැබැයි පාරිභෝගිකයාට ඉතා විශාල මුදලක් ගෙවන්න වෙලා තියෙනවා. මේ ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවේත් යම් මැදිහත්වීමක් අවශ්‍යයි. අපි කල්මුණේට, වාලච්චේන ධීවර වරායවල් වලට ගියාම අපිට පේනවා තෙල් මිල වැඩියි. මුහුදු යන්න විදිහක් නෑ. ඒ අතරේ නොයෙක් ගාස්තු ධීවර අමාත්‍යංශයට, ඒ වගේම වෙරළ ආරක්ෂකයින්ට ගෙවන්න වෙලා තියෙනවා. මේවා නිසා මිනිස්සුන්ට මේ ධීවර කර්මාන්තය දැන් කරගෙන යන්න බැරි විදියට එපා වෙලා තියෙන්නේ. රටේ මිනිස්සුන්ට මේ ගේන මාළු ටික, බිත්තර ටික, මස් ටික මිලදී ගන්න ආර්ථික හයියක් නෑ. අද ඩීසල් ලීටරයක් රටට ගේන්නේ රුපියල් 220 ට. හැබැයි විකුණන්නේ 360 ට. එදා 2015 මම තෙල් සංස්ථාව භාර ඇමති හැටියට රුපියල් 134 ට තිබිච්ච ඩීසල් අපි රුපියල් 95 ට ගෙනාවා. රුපියල් 85 ට විකුණපු භූමිතෙල් රුපියල් 55 ට ගෙනාවා. එහෙම කරලත් අපි තෙල් සංස්ථාව ලාභ කළා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ තෙල් බෙදාහරින ආයතන වලින් ඉතාම අධික බදු ආණ්ඩුව අය කරනවා. ඒකේ බර ගිහිල්ලා තියෙන්නේ අපේ ජනතාවට. ධීවර ජනතාවට, ගොවි ජනතාවට එහෙම නැත්නම් අපේ සාමාන් ය ජනතාවට. අම්පාර මඩකලපුව මේ කලාපය විශාල ගොවි නිෂ්පාදනයක් වී වගාව කරන ප්‍රදේශයක් හැබැයි පොහොර මිල ගණන් ඉතාම වැඩියි. ඒ වගේම යන්ත්‍ර සුත්‍ර වල, ගොයම් කපන්න, ගොයම් පාගන්න, එහෙම නැත්නම් ඒ කුඹුරු සකසන්න, යන වියදම ඉතාමත්ම අධිකයි. ඒවා දරාගන්න බැහැ කියලා කියන්නේ. ඒ නිසා මේ ගොවියා, ධීවරයා ඇතුළු කර්මාන්ත රැකගන්න නම්, පොදු ප්‍රවාහනය රැකගන්න නම්, ඩීසල් මිල, භූමිතෙල් මිල අනිවාර්යෙන්ම ආණ්ඩුව අධික බදු අය කරන්නේ නැතුව අඩු කළ යුතුමයි. බදු ගහන් නැතුව, ආණ්ඩුවට මුදල් උපයන්න ක්‍රමයක් නැද්ද? රට ගැන, මහජනයා ගැන කල්පනා කරන ආණ්ඩුවක් නම් කරන්න ඕනේ බදු පොලු තියලා තියෙන, සල්ලි තියෙන අයගෙන් ඒ බදු අය කරගන්න කටයුතු කරන එකයි. අලුත් තරුණයින්ගේ රට ගැන හිතන ජනතාව ගැන හිතන ආණ්ඩුවක් ඕන කරලා තියෙන්නේ ඒකයි. එක්සත් ජනරජ පෙරමුණ ඇති කරලා තියෙන්නේ ඒකටයි.

    අද මේ කලාපයේ වගුරු ස්වභාවය නිසා ඉඩම් හිඟය නිසා කොළඹටත් වඩා ගණන් කල්මුණේ ඉඩම් කොටස්. අපිට පුළුවන් වුණා කොළඹ නගරයේ දුගී ජනතාව විසිදාහකට තට්ටු නිවාස හදලා දෙන්න 2015 – 2019 කාලය ඇතුළත. මේ වාලච්චේනයට, කල්මුණේට, අක්කරෙයිපත්තුවට හැම ප්‍රදේශයකටම දැන් තට්ටු නිවාස වැඩපිළිවෙලවල් නැත්නම් අපට මේ තරුණයින්ට නිවාස දෙන්නත් බෑ ඒ වගේම ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳන්නත් බෑ ඒකට අපිට අවශ්‍යයි ජනතාව ගැන හිතන ඒ වගේම ඒ ආදායම් උපදවන්න පුළුවන් තරුණයින්ගේ ආණ්ඩුවක්. මේ කලාපයේ පාසල් ගොඩකට අලුත් තාක්ෂණ පහසුකම් නෑ ඒක නිසා අධ්‍යාපනය හුඟාක් පහලට වැටිලා තියෙන්නේ. නැගෙනහිර විශ්ව විද්‍යාලය පිහිටවලා තිබුණත් ලොකු ප්‍රශ්න ගොඩකට අපේ දරුවෝ මුහුණ දීලා තියෙනවා. ප්‍රශ්න වලින් රට බේරගන්න පුළුවන් අපේ මේ තරුණ පරපුර තාක්ෂණය පැත්තෙන් මුදල් උපයන, ධනය උපදවන පරපුරක් බවට පත්කිරීමෙන්. එහෙම නැතුව අපේ කාන්තාවන් තවත් පිටරටවල බැලමෙහෙවර කරන්න පැටවීමෙන් ඇඟලුම් කම්හල් වලට යැවීමෙන් කුලී වැඩ වලට යැවීමෙන් අපට මේ අර්බුදය ජය ගන්න බෑ.

    ජීවිත කාලයේදී අපි බොහොම ප්‍රශ්න වලට, වේදනාවලට, සමහර වෙලාවට අමතක නොවෙන වේදනාවලට අපි ලක්වෙනවා. අපි අතීතයේ ජීවත් වෙන්නැතුව, අනාගතය වෙනුවෙන් ඒ වේදනාව අමතක කරලා අපට සිද්ධ වෙනවා මිනිසුන් හැටියට අලුතෙන් ජීවිත ගොඩනඟා ගන්න. අපිටත් කාලයක් තිබුණා යුද ගැටුම් නිසා මිනිස්සු මියගිය අතුරුදහන් වෙච්ච ගම් වලින් පලවා හැරපු යුගයක්. මේ මමත් ඒ ගැටුම් වලට මැදිහත් වුණා. ඒ අවස්ථාවේදී අපි කෝපයෙන් වෛරයෙන් ක්‍රියා කළා. දැන් අපි මෙතනින් ඉස්සරහට යන්න නම් ඒ අතීතයේ ජීවත් වෙලා හරියන්නෑ. අතීතයේ වෙච්ච වේදනාවන් වලට කෝපයට පත් වෙච්ච ඒවට අනාථ වීම් වලට, ඝාතන වලට ඒවා ගැන අපි කල්පනා කර කර ඉඳලා දැන් හරියන් නෑ. පවුල් ජීවිතයේදී අපි අපේ අතීතයේ තිබිච්ච ප්‍රශ්න අමතක කරලා දරුවෝ වෙනුවෙන් ඉස්සරහ බලනවා වගේ අපි ජන කණ්ඩායම් හැටියට සිංහල, දෙමළ, මුස්ලිම් අපේ අතීතයේ වෙච්ච කාරණා අපි අමතක කරලා අතීතයේ අපි හැමෝම එකිනෙකාට සමාව දීලා දැන් ඉදිරිය බලා යන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා. මේ කලාපයේ ජීවත්වෙන සිංහල, දෙමළ, මුස්ලිම් සාතිශය බහුතරයක් දෙමළ කතා කරන අපේ සහෝදර ජනතාවට විශේෂයෙන්ම තරුණ පරම්පරාවට අනගතයක් ලබා දෙන්නයි අපි අද ආවේ. මේ රටේ විසඳන්න බැරි ප්‍රශ්නයක් නෑ. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලන්නේ විශේෂයෙන්ම අපේ දයාබර දෙමව්පියන්ගෙන් ඉල්ලන්නේ අපේ තරුණ තරුණියන් අපි බලාත්මක කරමු. තාත්තලගෙන් පුත්තුන්ට එහෙම නැත්නම් අම්මලාගෙන් දූවරුන්ට එහෙම නැත්නම් අයතා ක්‍රමයට සල්ලි හොයා ගත්ත අයගේ සල්ලි බලයට දේශපාලනය යට කරන්නැතුව අපි කුසලතා පූර්ණ තරුණ පරපුරකට රට බරදෙමු කියන එකයි. ඒ නිසා අපගේ මේ පක්ෂේ දොරවල් විවෘතයි සියලු දෙනාට. සියලු ආගම්, සියලු ජාතීන් වල අයට ඒ වගේම දුෂණයට, වංචාවට ගැන කිසිම ආකාරයක සම්බන්ධයක් නැතිව ඉන්න පිරිසිදු පිරිසකට මේ පක්ෂය විවෘතයි. අපේ පක්ෂයේ පරණ සමාජවාදය හෝ ධනවාදය හෝ එක එක වාද නෑ. මේ රට හදන්න පුළුවන් කවර මාර්ගයකින්ද? කවර ප්‍රයෝගික ක්‍රියාමාර්ගයකින්ද, අන්න ඒ මාර්ගය පමණයි අපගේ එකම වාදය. අපගේ පක්ෂයට ඇතුල් වෙලා වැඩ කරන්න තියෙන එකම මග කුසලතා වාදය, හැකියාව පමණයි.”

    Tags: ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version