English
සිංහල
02:59 බ්‍රහස්පතින්දා, ජූනි 26, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පළාත් ප්‍රධාන ලේකම්ගේ මුල්‍ය වංචා!.ඇඹිලිපිටිය මහා විද්‍යාලය ආයෙත් ගැටුම්වලට අත වනයි! අධ්‍යාපන ලේකම් ආණ්ඩුකාරවරයා තුට්ටුවට දාලා!  

    NN. Niluka by NN. Niluka
    1 වසරක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ මෙන්ම සබරගමුව පළාතේ පාසල් කිහිපයක වංචා, දුෂණ, අක්‍රමිකතා, අකාර්යක්ෂම සේවය, දූ දරුවන් අපයෝජන සිද්ධි ගනනාවක්ම පෙන්වා දුන්නත්, ඒවාට එරෙහිව ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට සබරගමුව පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසුරිය, වර්තමාන අධ්‍යාපන ලේකම් හෝ හිටපු අධ්‍යාපන ලේකම්වරිය මේ වන තෙක්ම කටයුතු කර නැත. අප පලකරන වාර්තාවලට ක්‍රියාත්මක විය යුත්තේ රාජ්‍ය නිලධාරීන් වන අතර අප පළකරනුයේ ඔවුන්ට වැටුප් ගෙවනා මහජනතාවගේ  ප්‍රශ්න වේ. අප පළකර තිබෙන පුවත්වලින් 95% ක්ම වෙනුවෙන් මහජන යුක්තිය ඉටුකර දීමට මෙරට රාජ්‍ය නිලධාරින්ම කටයුතු කර තිබේ. කෙසේ නමුත් සබරගමුව පළාතේ ආයුර්වේද දෙපර්තෙම්න්තුවේ හැර සබරගමුවේ වෙනත් කිසිම ආයතනයක් අපගේ පුවත්වලට නිසි ප්‍රතිචාර දක්වා නැත. ඉන් අදහස් කෙරෙන්නේ ම සබරගමුව පළාත් රාජ්‍ය බලධාරීන්ගෙන් බහුතරය දූෂ්‍ය බවයි. අනෙක් සියලුම පළාත්වල මෙන්ම, රාජ්‍ය ආයතන අපගේ පුවත් වලට ක්‍රියාත්මකව තිබේ.

    කෙසේ වුවත්, එසේ ප්‍රතිචාර දැක්වීමට නම් ඒවායේ නිලධාරින් සුඛිත, මුඛිත සුද්ධවන්තයන් විය යුතුය. සබරගමු පළාත් වර්තමාන ප්‍රධාන ලේකම් යනු 2014 වර්ෂයේ මහින්දෝදය විද්‍යාගාරවලට පරිඝනක සහ උපාංග ලබා ගැනීමේදී නීතිවිරෝදිව කටයුතුකර තිබෙන බවට විඝණන වාර්තාවක් පෙන්වා දී , මූලික විමර්ශණයකින් වැරදිකරුවෙක් බවට පත්ව සිටින පුද්ගලයෙකි. එහිදී රුපියල් මිලියන 58.7 ක් වටිනා පරිඝනක ලබා ගැනීමේදී මෙම වංචා සිදුව තිබෙන අතර එහිදී ඔහුගේ ක්‍රියාකලාපය වැරදි පුර්වාදර්ශයක් බව ඩි.එස්. ගම්මන්පිල , ඒක පුද්ගල විනිශ්චය සභාවෙන් තීරණය කර තිබේ. එවැනි කටයුතු ගණනාවක්ම කර තිබෙන ඔහුගේ යටත් වංචනික ගෝලයන් ඔහු රැකිය යුතුය. වර්තමාන අධ්‍යාපන ලේකම්වරයාගේ පැරණි වාර්තා මෙන්ම, විවිධ තොරතුරු රාශියක් අපට ලැබී තිබේ.

    එවන් පසුබිමක් තුල මහජන යුක්තිය සතේකට මායිම් නොකරන ඔවුන් ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ සිදුවීම හා සම්බන්ධව මේ වන විට සිදුකරමින් සිටින කුමන්ත්‍රණයේ කොටස් අප පහතින් සටහන් කර තිබේ.   

    ♦️ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා දීර්ඝ කාලීන සේවය මත ස්ථාන මාරු කරන බවට සබරගමු පළාත් ආණ්ඩුකාර නවීන් දසානායක මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් පසුගිය වසරේදී ප්‍රකාශ කරන ලදී. එහිදී අප මාධ්‍ය ආයතනය සමග තවත් මාධ්‍ය ආයතන කිහිපයක් අත්වැල් බැඳගත්තේ මහජන පීඩාවන් වලක්වා ගැනීම, ගැටුම් ඇතිවීම වැළැක්වීමට සහ , ජීවිත සහ දේපල හානි සිදුවීමෙන් දරු පරපුර ආරක්ෂා කර ගැනීමට මෙන්ම විදුහල්පතිවරයා පවා ආරක්ෂා කිරීමේ අරමුණිනි.

    ♦️ ඒ අනුව ජනවාරි මාසේ පළවෙනි දින සිට එම විදුහල්පතිවරයා ස්ථානමාරු කර හරින බවත්, සබරගමුවේ ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවත් ඔහු ප්‍රකාශ කළේය. අප තවත් පාසල් කිහිපයකම වාර්තා කිහිපයක් පළකර තිබෙන බැවින් සියල්ලෝටම යුක්තිය ඉටුවනු ඇති බවට අප විශ්වාසය පළකළේය. සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා විසින් එම කටයුත්ත සිදුකරන ලෙසත්, ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වැඩ තහනම් කරන ලෙස හෝ වෙනත් පාසලකට ස්ථානමරුකර යවා මුලික විමර්ශන ආරම්භ කරන ලෙස  වෙනත් පාසලකට ස්ථාන මාරු කරන ලෙසත් උපදෙස් දුන්නේය. ඒ සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් චාමර බමුණුආරච්චි මහතාටය.   එය සිදුවන්නේ මාද්‍ය සාකච්චාවටත් මාස කිහිපයකට පෙරය.

    ♦️නමුත් චාමර බමුණාරච්චි මහතා හා ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති නිහාල් පිටගම්පොළ මහතා  අතර ඉතා සමීප සබඳතාවයක් පවතින බවද අප මීට පෙරම අනාවරණය කරන ලදී. ඒවාට හේතුද අප සතුව තිබුනත් අප ඒවා තවමත් පළකර නැත. අනුන්ගේ පැරණි කුණු ඇවිස්සීම අප වාර්තා කිරීමේදී සිදුනොකරන නමුත්, වාර්තා එකෙන් , දෙකෙන් සත්‍ය කාරණාවන් ඉටු නොවන්නේ නම්, අතීතය දෙස පසුවිපරම් කිරීමටද අප පසුභට වන්නෙ නැත.

    ♦️එම සම්බන්ධතාවය පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයටත් වඩා ප්‍රබල සම්බන්ධතාවයක් වීම හේතුවෙන් ආණ්ඩුකාරතුමාගේ නියෝගයන් නොසලකා හැර චාමර බමුණු ආරච්චි මහතා දිගින් දිගටම මෙම විදුහල්පතිවරයා රඳවාගතා ගැනීම සඳහා කූඨ උපක්‍රම යොදමින් සිටින බව අප එම කාලයේම වාර්තා කල අතර එම පුවත් සියල්ලම සත්‍ය බවට මේ වන විටත් පත්ව තිබේ. ඒ එම විදුහල්පතිවරයා මාරු නොකිරීමයි.

    ♦️ජනවාරි මාසයේදී ස්ථාන මාරුවීම් ලබා දෙන බව ආණ්ඩුකාරවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කලත්, එම විදුහල්පතිවරයා තවමත් පාසලේ රැඳී සිටිමින් ඔහු විසින්ම ගැටුම් ඇතිකරගෙන සිටින ගුරුවරුන්ට මෙන්ම ආදී ශිෂ්‍ය  සංගමයේ නිලධාරීන්ට ද එරෙහිව කටයුතු කරමින් සිටින බව අප වාර්තා කල අතර එම ගැටුම් නැවත ඇතිවෙමින් පවතී.

    ♦️විශේෂයෙන්ම ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සුදුසුකම්ලත් විදුහල්පති වරුන්ගෙන් අයදුම්පත් කැඳවා තිබෙන අතර එහි සම්මුඛ පරීක්ෂණය චාමර බමුණු ආරච්චි මහතා විසින් හිතාමතා කල් දමමින් මැතිවරණයක් කැඳවන තුරු විදුහල්පතිවරයා රැකගැනීමටත් ඉන් අනතුරුව විදුහල්පතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට අවශ්‍ය කූට උපක්‍රමය යොදමින් සිටින්නේ, උපන් ඇදුමෙන් සිටිමින් , අනෙකුත් පුද්ගලයන් මෝඩයන් ලෙස සිතාගෙනය. ඔවුන්ගේ ඊ ලග සැලසුම් සියල්ලම අප සතුව තිබේ. චාමරලාගේ සැලසුම වන්නේ, විදුහල්පතිවරයා පාසලෙන් ඉවත් කිරීමට සිදු වුවහොත්, ඒ වෙනුවට නිහාල් හිතවාදියෙකු පත් කිරීමටයි. එසේ නොවුනහොත්, චාමර , සහ නිහාල් එක්ව සිදුකරන ලද නීතිවිරෝදී කටයුතු අණාවරනය වීම වැලක්වීම ඔවුන්ගේ අරමුණ වේ

    ♦️මෙහි විශේෂත්වය වන්නේ ඇඹිලිපිටිය  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වරයාගේ අනුදැනුම මත විදුහල්පතිවරයා තවදුරටත් රඳවා තබා ගැනීමට කටයුතු කිරීමයි. විදුහල්පතිවරයාගේ දූෂණ වංචා අක්‍රමිකතා පිළිබඳව ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක අනුර අභය වික්‍රම හොඳින් දන්නා කරුණක් වුවද විදුහල්පතිවරයා රැකගැනීම සඳහා ඔවුන් උපක්‍රම යොදමින් සිටින බවද අප මීට පෙරම පෙන්වා දි තිබේ. ඔහු සහ චාමරලා එකම ඉලක්කයක් වන නිහාල් ආරක්ෂා කිරීමට පෙරමුණ ගෙන තිබෙන්නේ, සියල්ලෝම එකම ඉත්තේ කුරුල්ලෝ බැවිනි.

    ♦️මේ වන විට පාසල තුළ විදුහල්පතිවරයාගේ අත්තනෝ මතික ක්‍රියාකාලාපයට එරෙහිව අදහස් දක්වන ගුරුභවතුන් සූක්‍ෂම අයුරින් ස්ථාන මාරු කිරීමට විදුහල්පතිවරයා සමග කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් සහ සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය එකට එක්ව සිටි.

    ♦️විශේෂයෙන්ම විදුහල්පතිවරයාගේ දූෂණ වංචා අක්‍රමිකතා පාසල තුළ විවේචනයට ලක් කළ ගුරුබවතුන්ට විරුද්ධව විදුහල්පතිවරයා පාසල් සංවර්ධන සමිතියේ ඔහුට හිතවාදී දූෂිත පුද්ගලයන් ලවා විවිධාකාරයේ පෙත්සම් විරෝධතා ලිපි තර්ජන ඉදිරිපත් කර පාසලෙන් ඔවුන් ඉවත් කිරීමට කටයුතු කළ ද එම ගුරුභවතුන් එම කිසිම කාර්යයකින් එළවා දැමීමට හෝ ඉවත් කිරීමටද ඔහුට නොහැකි විය. නමුත් දැන් එය යටින් ක්‍රියාත්මක කරමින් සිටි.

    ♦️ එම සියලුම උත්සාහයන් ව්‍යාර්ථ වූ අවස්ථාවක දැන් විදුහල්පතිවරයා කලාප කාර්යාලයේ ඔහුට හිතවාදී නිලධාරීන් සමග එක්ව විදුහල්පතිවරයාගේ දූෂණ වංචා ආක්‍රමණතා පිළිබඳව චෝදනා එල්ල කරන ගුරුබවතුන් පාසලෙන් මාරු මණ්ඩල ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් ඉක්මනින් ඉවත් කිරීමට සැලසුම් සකස් කරමින් සිටී. ඒවාද සියල්ලම අප වෙත ලැබී තිබේ.

    ♦️ඇඹිලිපිටියේ මහා විද්‍යාලයේ සේවා කාලයේ අවුරුදු විස්සටත් වඩා සම්පූර්ණ කරමින් පාසලේ දිගින් දිගටම රැඳී සිටින ගුරුබවතුන් කිහිපදෙනෙක් එමෙන්ම අවුරුදු දහය සහ දහසය සම්පූර්ණ කළ ගුරුබවතුන් රැසක් සිටියදී ඔවුන් ගැන නොසලකා හැර වසර පහක් සම්පූර්ණකර විදුහල්පතිවරයාට විරුද්ධ ගුරුබවතුන් මාරු කිරීම සඳහා කූට උපක්‍රම මාරු මණ්ඩලය හරහා ක්‍රියාත්මක කිරීමට ඇඹිලිපිටියේ කලාප අධ්‍යාපන කාර්යාලයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක සුදර්ශනයේ දමයන්ති මහත්මිය පසුගියදා කටයුතු කර තිබේ.  එහිදී මාරු මණ්ඩලය මගින් ඇතැම් ගුරුභවතුන් එම ක්‍රියාවේ පවතින අසාධාරණ තත්ත්වය පෙන්වා දුන්නද සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන ප්‍රසන්න නම් අධ්‍යක්ෂකවරයාද “අවුරුදු පහක් සම්පූර්ණ කර තියෙනවානම් එයාව අනිවාර්යයෙන් ස්ථාන මාරු කරන්න ඕන, ඒ නිසා ඕගොල්ලන් ඕවට විරුද්ධ වෙන්නේ නැතුව කට වහගෙන ඉන්න”  ලෙස තර්ජනාත්මක ලෙස ප්‍රකාශ කර තිබේ.

    ♦️විශේෂයෙන්ම එම ගුරුබවතුන් සියලු දෙනා තමන්ගේ සේවා ස්ථානය තුළ ආරක්ෂාව සපයන ලෙස තමන්ගෙන් විවිධාකාරයේ පළිගැනීම් වළක්වීමට පියවර ගන්නා ලෙසත් සබරගම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර තිබියදී කූට උපක්‍රම යොදමින් ස්ථාන මාරුවීම් ලබාදීමට දැනට සැලසුම් කර තිබේ.

    ♦️පසුගිය දා රැස්වූ මාරු මණ්ඩලය අවස්ථාවේදී එම විද්‍යාලයේ වසර පහක් සම්පූර්ණ කළ ගුරු බවතෙකු වෙනුවට වෙනත් ගුරුවරියක් පත් කිරීම සඳහා යෝජනා වී තිබේ. එම ගුරු මහත්මිය ඉල්ලා සිටින පාසල වෙනුවට දෙවන මනාපයට සඳහන් කළ පාසල මෙසේ ලබා දී තිබෙන්නේ විදුහල්පතිවරයාට අමනාපව සිටින මහා විද්‍යාලයේ ගුරුබවතා දීර්ඝ කාලයක සිට කටයුතු කිරීම හේතුවෙන් බව අනාවරණය වේ.  

    ♦️ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව වසර අටක් ගුරුවරයෙකුට එක් පාසලක සේවය කළ හැකි වුවද විදුහල්පතිවරයාගේ අවශ්‍යතාවය මත වසර පහකින් මෙසේ ස්ථාන මාරු කිරීමට පියවර ගැනීම පිළිබඳව නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට එම ගුරුභවතුන් මේ වන විටත් සුදානමින් සිටි.

    ♦️ස්ථාන මාරු ලැබිය යුතු විදුහල්පතිවරයා නිර්පද්‍රිතව තවමත් ඇඹිලිපිටියේ මහා විද්‍යාලයේ දූෂණ වංචා කරමින් රැඳී සිටින අතර ඔහු වහාම ස්ථාන මාරු කළ යුතු බවට පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය ද නොසලකා සත්‍යය ඉදිරිපත් කළ ගුරුබවතුන් මෙසේ ස්ථාන මාරු කිරීමට පියවර ගැනීමෙන්ම පෙනී යන්නේ, අප දිගින් දිගටම වාර්තා කල පුවත් සත්‍ය බව වන අතර සබරගමුවේ අධ්‍යාපනයේ දුෂිත බව අප පෙන්වා දෙන්නේ 2019 සිටය.

    ♦️සුදුසුකම්ලත් විදුහල්පතිවරයෙකු ඉක්මනින්ම සම්මුඛ සාකච්ඡා පවත්වා මෙම පාසලට පත් කිරීමට සුදුසුකම තිබියදී විවිධ ගැටළු ඇතිකරමින් වසර 15ක් මෙන් පාසලේ රැඳී සිටින විදුහල්පතිවරයාට විරුද්ධව කිසිදු පියවරක් නොගැනීමෙන් පෙනී යන්නේ චාමර බමුණු ආරච්චි, හිටපු පළාත් අධ්‍යාපන ලේකම්වරිය පමණක් නොව ඇඹිලිපිටිය කොඨිඨාශ සහ කලාප අධ්‍යාපන කාර්යාලවල සිටින්නේ, නොමේරු ළදරුවන් සේ හැසිරෙන දුෂිත රාජ්‍ය නිලධාරීන් බවයි. නමුත් ඔවුන් හැසිරෙන්නේ උපන් ඇදුමෙන් බව තවමත් තේරුම් ගෙන නැත.

    ♦️ තමන්ට විරුද්ධ ආදි ශිෂ්‍ය සංගමය විසුරුවා හැර තමන්ට හිතවත් පාර්ශවයක් පත්කර ගැනීම සඳහාද කූට උපක්‍රම යෙදු මෙම විදුහල්පතිවරයාට එයද කර ගැනීමට නොහැකි වූ අතර, මේ සියල්ලම සිදුවන්නේ අප ඉහතින් සදහන් කල දුෂිත අධ්‍යාපන පරිපාලන නිලධාරීන්ගේ අමනෝඥ ක්‍රියා නිසාය. එය මේ වර්ෂයේද සිදු කිරීමට විශාල උත්සාහයක් ගත්තේය.

    ♦️ ඒ අතර පාසල ආරම්භ වන ලබන පස්වන දින තමන්ට විරුද්ධව අදහස් දැක්වූ ගුරුබවතුන්ගෙන් විවිධාකාරයෙන් පළිගැනීම නැවත ආරම්භ කිරීමට විදුහල්පතිවරයා විවිධ පාර්ශව සමග එකතුවී සිටිති. මේ සියල්ලෝගේම ආරක්ෂාවට අප ආයතනයක් ලෙස ඇඹිලිපිටිය පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ද යොදා තිබේ. ඊට අමතරව අධිකරණයට කරුණු වාර්තා කිරීමටද එම කාලයේම සැලසුම් කර තිබුනත්,ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශය හේතුවෙන් අප එය සිදු නොකිරීමට තීරණය කරන ලදී. කෙසේ වුවත් නැවත ගැටුමක් ඇති වී යම් ජීවිත හෝ දේපල හානියක් සිදු වුවහොත්, අපගේ පැමිණිල්ල නිසි ලෙස විභාග නොකළ ඇඹිලිපිටිය මුලස්තාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයාට සෘජුවම වගකීමට සිදුවනු ඇත.

    ♦️මෙම සියල්ලම හමුවේ අපට දක්නට තිබෙන්නේ එක දෙයකි. ඇඹිලිටිය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා වංචා කර තිබෙන බැව් කියවෙන මුදල් බෙදා හදාගෙන තිබෙන්නේ චාමර බමුණු ආරච්චි, පළාත් සභාවේ සිටින තවත් සහකාර ලේඛ්ම්වරියක්, හිටපු අධ්‍යාපන ලේඛම්වරිය, ඇඹිලිපිටිය කලාප සහ කොඨිඨාශ කාර්යාලවල නිලධාරීන්, මෙන්ම පළාත් ප්‍රධාන ලේකම්වරයා එක්වය. ඒ අනුව ඔවුන්ගේ සැලසුම වන්නේ පාසල් කිහිපයක් ඉහල ශ්‍රේණියට ඔසවා තබා, උඩවලව මහා විද්‍යාලයට එම විදුහල්පතිවරයා යැවීමටය.

    ♦ චාමර බමුණු ආරච්චි මහතා පමණක් නොව සියලුම බලධාරීන් මෙන්ම මෙන්ම සබරගමු පළාත් ප්‍රධාන ලේකම්වරයා ද මේ තවමත් වනසන්නේ සබරගමුව පළාත් දූ පුතුන්ගේ අනාගතයයි. මෙරට විනාශ කලේද දේශපාලන නාටකයන්ම පමණක් නොවේ. මෙවැනි දූෂ්‍ය නිලධාරීන්ද එහි ඉහලින්ම සිටින්නේය.

    හිමාල් ඒකනායක. මහරගම (බස්නාහිර පළාත් මාණ්ඩලික වාර්තාකරු)

    සබරගමුවේ අමාත්‍යාංශ තුනක ලේකම්වරුන්ට නව පත්වීම් ලිපි.
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version