ප්‍රේම සබඳතාව බිඳ වැටීම හේතුවෙන් ඊට කලකිරුණු 15 හැවිරිදි දියණියක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ .
අදාළ සිසුවිය මීට සති කිහිපයකට ඉහතදී නිවසට නොදන්වා තරුණයෙකු සමඟ පලාගොස් තිබූ අතර පසුව පොලිසිය විසින් සිදු කළ විමර්ශනයකින් අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන සිසුවිය පරිවාස භාරයට පත්කර තිබේ . ඉන් අනතුරුව නැවතත් නිවසට පැමිණි සිසුවිය මෙලෙස සියදිවි හානි කරගෙන තිබේ.
මිය ගිය සිසුවිය උස්ගල , සියඹලන්ගමුව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු මීගලෑව පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































