හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පදිංචි 09 හැවිරිදි දියණියක් ලණුවකින් ගෙල සිරවී සැක සහිත ලෙස මියගොස් තිබෙන බව වාර්තා වේ .
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ශලනි රිතුෂා නමැති 09 හැවිරිදි දැරියකි.
වාර්තා වන ආකාරයට දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ පළමු දියණිය මැය වන අතර අඹකඳවිල සාන්ත රෝගුස් විද්‍යාලයේ 04 වන වසරේ ඉගෙනුම ලබයි.
මෙම දැරිය නිවසේ කාමරයක එල්ලී සිටියදී මුලින්ම දැක ඇත්තේ අසල්වැසි නිවසක දැරියක් විසින් වන අතර ශලනිගේ ගෙලහි තංගුස් වර්ගයේ ලණුවක් පැටලී තිබූ අසල්වැසි නිවසේ දැරිය දැක තිබේ .
අනතුරුව එම දියණිය සිද්ධිය සම්බන්ධයෙන් ශලනිගේ පියා හට දැනුම්දී තිබෙන අතර ශලනිගේ මව ආර්ථික පීඩනය හමුවේ ජීවත්වීමට ඇති අපහසුතා නිසාවෙන් මීට වසර එකහමාරකට පමණ පෙර කුවේට් බලා ගොස් ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් වාර්තා වන්නේ දැරියගේ මරණය සම්බන්ධයෙන් මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණය හා අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ පරීක්ෂණය අද (12) පෙරවරුවේ සිදු කළ බවත් , අද (12) පස්වරුවේ පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේදී සිදුකිරීමට නියමිතව තිබූ බවත් ය.
මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.














































