විදුලි සැර වැදීම හේතුවෙන් අවුරුද්දයි මාස හයක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ .
කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ නිවසක මෙම අනතුර සිදුව ඇති අතර බිළිඳා එම නිවසේ බිත්තියක සවි කර තිබූ විදුලි ස්වීචයකට ඇඟිල්ල ගැසීමෙන් මෙලෙස විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කුරුවිට පොලිසිය විසින් සිදු කරනු ලබයි.