නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම දැරිය තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ. අනතුරුව දැරිය ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 01යි මාස 11ක් වන වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියකි.
දැරියගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව සඳහන්.














































