වතුකරය තුල පවතින බඹර ප්‍රහාරයන් හේතුවෙන් වතුකරයේ සේවය කරන තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවට වතු කම්කරුවන් පිරිසක් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව වැඩි දුරටත් අදහස් දක්වන එම පිරිස් පවසනුයේ වතු කරය තුල පවතින බඹර ප්‍රහාරයන් හේතුවෙන් මේ වන විට වතු කම්කරුවන් කිහිප දෙනකුටම දිවි අහිමිවි ඇති බවත් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවත්ය.
වතුකරය තුල පවතින රූස්ස ගස්වල මෙන්ම තේ පදුරු යටද බඹර කූඩු බැද ඇති බවත් මෙම තත්ත්වයන් මත වතු කම්කරුවන් මෙම වතු තුල සේවය කරන බොහෝ අවස්ථාවලදි එම බඹර කූඩු ඇවිස්සි එහි සිටින බඹරුන් වතු කම්කරුවන්ට පහර දෙන බවයි.
මෙම තත්ත්වයන් මත වතුකරයේ සේවය කිරිමද මේ වන විට අවදානම් තත්ත්වයන්ට පත්ව ඇති බවත් මේ පිළිබඳව අවදානය යොමු කර මෙම බඹර කූඩු වතුකරයෙන් ඉවත් කිරිමට අදාල නිලධාරින් පියවර ගන්නේ නම් එය තමන්ට කරනු ලබන විශාල සහනයක් බවද එම පිරිස් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.














































