ගෘහ භාණ්ඩවල සඟවා නැව්ගත කිරීමට සූදානම් කර තිබූ ඇමෙරිකානු ඩොලර් බිලියනයක් පමණ වටිනා මත් පෙති තොගයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පොලිස් භාරයට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .
වාර්තා වන ආකාරයට කැප්ටන්ගන් ලෙසින් හඳුන්වන මෙම මත්පෙති බිලියන 86ක තොගය කන්ටේනර් පහක සඟවා තිබියදී සොයාගෙන තිබේ. එය බරින් ටොන් 13ක් බව සඳහන් .
සිදු කළ විමර්ශනයන්හි දී අනාවරණය වී ඇත්තේ මෙම මත් පෙති තොගය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එවා වෙනත් රටක් වෙත ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර තිබූ බවයි .















































