හොරණ ගල් ඒදඬුගොඩ ප්‍රදේශයේ දෙමහල් නිවසක ජනේලවල යකඩ ග්‍රීල් ගලවා නිවස තුළට ඇතුළු වී රුපියල් ලක්ෂ දහයකට ආසන්න ඇපල් වර්ගයේ ලැප්ටොප් පරිගණකයක් සහ තවත් දේපල රැසක් සොරා ගත් කායවර්ධන උපදේශකවරයෙකු පිළියන්දල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වාර්තා වේ,
මෙම සැකකරු සන්තකයේ තිබී එම නිවසින් සොරා ගත් ඇපල් වර්ගයට අයත් ලැප්ටොප් පරිගණකයක් , ඩිජිටල් පෑනක් , අයි පෑඩ් එකක් , ටැබ් එකක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් පොලිස් භාරයට ගත් බව සඳහන්.
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා කරයි.














































