ඉන්දියාවේ මිසොරාම් ප්‍රදේශයේ ස්ථානයක ඉදි කෙරෙමින් පැවැති පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි සැක කරන බවත් , ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බවත් , අනතුර සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ කම්කරුවන් 35ත් 40ත් අතර පිරිසක් සිට ඇති බවත් ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ මියගිය පිරිසට ඉන්දීය රුපියල් ලක්ෂ 2 බැඟින් සහ තුවාල ලැබූවන්ට ඉන්දීය රුපියල් 50,000 බැඟින් ලබාදෙන බවයි.















































