ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඉදිකරමින් තිබු මංතීරු 4න් යුත් පාලමක් කඩා වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට පෙරද පසුගිය වර්ෂයේ අප්රෙල් මසද මේ අයුරින්ම මෙම පාලම කඩා වැටි ඇති අතර මෙය වර්ෂ 2017දි ඉදිකිරීම් ආරම්භ කර ඇති බව සදහන් .
කිලෝ මීටර් 3 කට ආසන්න දිගකින් යුත් මෙම පාලම සම්බන්ධයෙන් වන හානිය මෙතෙක් ගණනය කර නොමැති අතර පසුගිය වර්ෂයේ පාලමක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 135 කට ජිවිත අහිමි වූ බවද විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කල බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණයක් කිරිමට උපදෙස් දුන් බවයි .















































