රත්මලාන ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කටයුතු කළමණාකරණය කිරීම සම්බන්ධව පුද්ගලයෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක් වන අතර සැකකාරියන් දෙදෙනා අලුත්දිවුල්වැව හා දෙහිවල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 39 හා 49 ක් වන අය බව සඳහන් වේ.
මොවුන් අද (05) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
එමෙන්ම ගල්කිස්ස පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව වාර්තා වේ .
 
	    	



























 
		    

















