බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවකට අනුව සිදු කළ විමර්ශනයකින් පෑලියගොඩ – 06 කණුව හන්දිය ප්‍රදේශයේ දී සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු සහ සැකකාරියන් තිදෙනෙක් ඊයේ (06) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු දුරුතලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙක් වන අතර සැකකාරියන් නුවරඑළිය , මාරවිල හා පිළිමතලාව යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 30 , 31, 38 වයස්වල පසුවන්නන් ය.
සැකකරුවන් අද (07) අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදු කරනු ලබයි.