ගල්කිස්ස පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ඊයේ (13) දින වටලා සැකකාරියන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම වැටලීමෙන් එම ගණිකා නිවාසය කළමණාකරණය කළ කාන්තාවක් සහ ඊට සම්බන්ධ තවත් සැකකාරියන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අවුරුදු 27 , 41 සහ 67 වයස්වල පසුවන්නන් වන අතර මොවුන් අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.














































