යාපනය දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාගේ මළ සිරුර ව්‍යාපාරිකයාගේ නිවස තුළ තිබී ඊයේ (21) සවස සොයාගත් බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, යාපනය,කොට්ටටි ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය සම්බන්ධයෙන් සිදු කළ මහෙස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව එම දේහය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යාපනය රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව යාපනය පොලිසිය සඳහන් කර තිබේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරන්නේ මියගිය පුද්ගලයා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවෙක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු යාපනය පොලීසිය විසින් සිදු කරනු ලබයි.














































