ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙකු රුපියල් ලක්ෂ 35ක අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සෝනි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන අදාළ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සිදුකළ වැටලීමකදීය.
අදාළ ව්‍යාපාරිකයා කුරියර් සේවාව හරහා ගෙන්වන ලද මත්ද්‍රව්‍ය උතුරු මැද පළාතේ මහා පරිමාණයෙන් ජාවාරම් කරන බවට ද චෝදනා එල්ලවී ඇත.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත උපාය දූතයන් යොදා සිදුකළ රහසිගත ආවේක්ෂණ රාජකාරිවලින් පසු සුවිසල් නිවස සහ ව්‍යාපාරික ස්ථාන වටලා මෙම මෙහෙයුම සිදුකර තිබුණි.
අදාළ ව්‍යාපාරිකයාගේ ව්‍යාපාර ජාලයට ගෙන්වන ලද භාණ්ඩ සහ උපකාරණ අතර සඟවා ගෙන්වන ලද මත්ද්‍රව්‍ය නිවස තුළ පැකට් කර සූක්ෂම ලෙස මහා පරිමාණයෙන් උතුරු මැද පළාත තුළ බෙදාහැර ඇති බවද පොලීසිය කියයි.
සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇති අතර කැකිරාව පොලීසියේ රඳවා වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක අංශ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
 
	    	



























 
		    

















