ඇඹිලිපිටිය ,මහපැලැස්ස,කුඹුගොඩආර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී අක්කර 12ක් පමණ ඉඩමක මැද අක්කර භාගයක පමණ වගා කර තිබූ ගංජා වගාවක් විනාශ කිරීමට ඇඹිලිපිටිය පොලිසිය කටයුතු කර තිබේ.
මෙම වගාවේ ගංජා ගස්වල උස අඩි 4ත් 10ත් අතර ප්‍රමාණයක් වූ බවත් මෙහිදී එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඇඹිලිපිටිය මූලස්ථාන ප්‍රධාන පරීක්ෂක දයාවංශ ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.














































