ඉන්දීය බලධාරීන්ගේ අනුදැනුම මත කැනඩාවේදී ඝාතනය කළ බව කියවෙන, සික් බෙදුම්වාදී නායකයාගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් ඒවා තමන්ට ලබාදෙන ලෙස ඉන්දියාව, කැනඩාවෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
ඉන්දීය විදෙස් අමාත්‍ය එස්. ජයිශංකර් පවසන්නේ එවැනි “සුවිශේෂී” තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තම රට විවෘත බවයි.
ඔහු ඒ බව පවසා ඇත්තේ නිව් යෝර්ක් නගරයේ පැවති හමුවකදීය.
සික් ජාතික බෙදුම්වාදී නායකයෙක් ලෙස ප්‍රකටව සිටි හර්දීප් සිංග් නිජ්ජාර් පසුගිය ජූනි මාසයේදී කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියාවේ සික් දෙවොලක් අසලදී වෙඩිතබා ඝාතනය කර තිබුණි.
ඔහුගේ ඝාතනයට ඉන්දීය බලධාරීන් සම්බන්ධ බවට විශ්වාස කළ හැකි සාධක තිබෙන බව පසුගියදා කැනඩාව චෝදනා කර තිබේ.
ඉන්දියාව එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
නිජ්ජාර් ව ත්‍රස්තවාදියෙක් ලෙස 2020 සිට ඉන්දීය බලධාරීන් විසින් නම්කර තිබුණි. නමුත් ඔහුගේ අනුගාමිකයින් ඉන්දීය චෝදනාව බැහැර කර තිබේ.















































