2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයේ වෙනස්කමක් සිදුකර ඇති බව වාර්තා වේ.
ඒ, ඇෂ්ටන් එගාර් වෙනුවට මානස් ලබුශේන් නම් කරමිනි.
එගාර් පාදයේ ආබාධයකට තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්.
එහෙත් ඔවුන් තුවාල ලබා සිටින ට්‍රැවිස් හෙඩ් ව සංචිතයට නම් කර තිබේ.













































