ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුව සංගීත සංදර්ශන අවසන් කිරීමට අදාල කාල සීමාව සංශෝධනය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාත්‍රී 10.00ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාලය දීර්ඝ කර ඇති බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙන අතර එහි සංශෝධිත කාල සීමාව පහත පරිදි බවට ඔහු ප්‍රකාශ කර තිබේ.
සිකුරාදා සහ සෙනසුරාදා – පෙ.ව. 1.00
ඉරිදා – පෙ.ව.12.30
රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශනය පවත්වන ස්ථාන අතර සාධාරණ දුරස්ථභාවයක් පවත්වා ගත යුතු බවට අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.














































