චීනයේ ජියැංෂි පළාතේ රසායනික කර්මාන්තශාලාවක පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිලිකන් තෙල් නිෂ්පාදන සමගමක අමුද්‍රව්‍ය තිබූ කර්මාන්තශාලාවක මෙලෙස පිපිරීමක් සිදුව ඇති අතර එම කර්මාන්තශාලාව දෙසින් විශාල ගිනිදැල් සහ කළු දුමාරයක් දක්නට ලැබෙන බව සඳහන් වේ.
ගින්න ඇති වීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බවත් , ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් , එම කර්මාන්තශාලාව අවට සිටි පිරිස් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.















































