ඊයේ (01) දින සවස් කාලයේදී කලා ඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකු දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
මිය ගිය දරුවා මිතුරන් කිහිප දෙනෙකු සමග කලා ඔය ආසන්නයේ ඇති දේවස්ථානයකට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව ඔවුන් කලා ඔයේ දිය නෑමට ගොස් තිබෙන බව සදහන්.
මෙසේ දිය නෑමට ගිය දරුවා දියේ ගිලී බරපතල තත්ත්වයෙන් නොච්චියාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති අතර නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































