තම සුළු පියාගේ පහරදීම් ඉවසාගත නොහැකිව නිවසින් පලා යමින් සිටි වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු මූන්දලම පොලිස් භාරයට ගත් පුවතක් වාර්තා වේ.
නාදුනන පිරිමි දරුවෙක් ප්‍රදේශය තුළ සැරිසරමින් සිටින බවට තාරවිල්ලුව ප්‍රදේශවාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත සිදුකළ සොයා බැලීමකින් අනතුරුව මෙම ළමයා හමුවී ඇති බව සදහන්.
තමන් පුත්තලම – තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ,මවගේ දෙවැනි කසාදයේ සැමියා වන සුළු පියා විසින් නිතර පහරදීම් සිදුකිරීම හේතුවෙන් මෙලෙස නිවසින් හොර රහසේ පැන ආ බවට දරුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.
දරුවාගේ මෙම ප්‍රකාශයත් සමග මූන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














































