මාස 6 ක පිරිමි දරුවෙකු හට සාමාන්‍ය කොවිඩ් ප්‍රතිකාරයකින් පසු තද දුඹුරු ඇස්, තද නිල් පැහැ ගැන්වී තිබෙන පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.
අදාළ දරුවා දිනක් උණ සහ කැස්සකින් පෙලීමෙන් අනතුරුව කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට රෝග විනිශ්චය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුට දින 3 ක් Favipiravir ඖෂධය සමඟ ප්‍රතිකාර කර ඇති බව සඳහන්.
කෙසේවෙතත්, ඖෂධය ආරම්භ කර පැය 18 කට පසුව, මව නිරීක්ෂණය කර ඇත්තේ දරුවාගේ ඇස්වල තද දුඹුරු වර්ණය දීප්තිමත් නිල් පැහැයට මාරුවන බවයි.
ඒ අනුව, Favipiravir ඖෂධය නතර කර දින පහකට පසු යළි එම ඇස් මුල් දුඹුරු පැහැයට හැරී තිබේ.
පසුගිය වසරේ දී තායිලන්ත මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය Favipiravir ප්‍රතිවෛරස් ප්‍රතිකාරය අනුමත කර ඇත්තේ, කොවිඩ් 19 හි මෘදු හෝ මධ්‍යස්ථ රෝග ලක්ෂණ අත්විඳින දරුවන් සඳහායි.















































