ඊයේ (6) චීනයේ බීජිං අගනුවර චීන ජනපති සහ ප්‍රංශ ජනපති අතර විශේෂ හමුවක් පැවති අතර මෙම හමුවේදී රුසියාව සහ යුක්‍රේනය අතර පවතින යුද්ධය නැවැත්වීමට මැදිහත් වන ලෙස ඉල්ලා ප්‍රංශ ජනපති විසින් චීන ජනපතිට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චීන ජනපති මෙයට සිය කැමැත්ත පළ කර ඇති අතර යුද්ධය නැවැත්වීමට කිසිඳු සූදානමක් නොමැති බව ඊට ප්‍රතිචාර දැක්වූ රුසියාව සඳහන් කර තිබේ.















































