කොල්ලුපිටිය ප්‍රදේශයේ අද (24) උදෑසන සිදු කරන ලද වැටලීමකදී නීතිවිරෝධී දුම්වැටි 6400ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි චීන ජාතිකයෙකි.
සැකකරු අද (24) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොල්ලුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.














































