බර්කිනා ෆාසෝහි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.
නැගෙනහිර නාටියාබෝනි ප්‍රදේශයේ දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දේවස්ථානයේ යාඥා සිදුවන අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඉස්ලාමීය සටන්කාමීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කර ඇති බවට අනාවරණය වී තිබේ.















































