උසස් පෙළ විෂයන් කිහිපයකට අදාළව ගුරුවරුන් බඳවා ගැනීමේ තරඟ විභාගයක් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ .
ඒ අනුව උසස් පෙළ ගණිතය හා විද්‍යාව විෂය ධාරා සඳහාත් විදේශීය භාෂා විෂයන් සඳහාත්, තාක්ෂණික විෂය ධාරාව සඳහාත් ගුරුවරුන් බඳවා ගන්නා බව සඳහන් වේ .
පළාත් මට්ටමින් මේ යටතේ 5450 ක පිරිසක් බඳවා ගන්නා බවත් , අවුරුදු 35 ට අඩු ගුරු ව්‍යවස්ථාවට අනුව සුදුසුකම් සපුරා ඇති උපධිදාරීන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකි බවත් වාර්තා වේ .
විභාගය සඳහා අයැදුම්පත් කැඳවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ .













































