නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ,කොටගල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඊයේ (17) ගැටුමක් ඇති වූ බව වාර්තා වේ.
එම පාසලේ 08,09 සහ 10 ශ්‍රේණි වල සිසුන් මෙම ගැටුමට සම්බන්ධ වී ඇති බවට පොලිසිය පවසයි.
ඊයේ පාසල් නිවාඩුව ලබාදීමත් සමග පාසල් භූමිය තුළ මෙම ගැටුම ඇති වී තිබේ.
මෙම ගැටුමට සම්බන්ධ සිසුන් පිරිසකගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇති බවට දිඹුල පතන පොලිසිය සදහන් කර තිබේ.