හෙරෝයින් වෙනුවට පාන් පිටි ලබාදීමේ ආරවුලක් මත නිවසක සිටි කාන්තාවකට පහර දී රන් මාලයක් කොල්ල කෑ පුද්ගලයින් පස්දෙනෙකු පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සති කීපයකට ඉහතදී අත්අඩංගුවට ගත් පිරිස අතරින් එක් අයෙකු පහරදුන් නිවසේ සිටි පුද්ගලයෙකුගෙන් හෙරෝයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව සදහන්.
එලෙස මිලදී ගත් හෙරෝයින් පාන් පිටි බවට තහවුරු වීමෙන් අනතුරුව මෙම ආරවුල ඇති වී ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පිරිස දේශපාලන රැස්වීමක් සඳහා ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (31) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














































