නුවර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ ආයතන විසින් ආනයනය කරන ලද බහාලුම් දෙකක් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් විසින් සැක පිට අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී නීතිවිරෝධීව ආනයනය කිරීමට උත්සාහ කරන ලද උදු තොගයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර ආයතනය විසින් මෙම බහාලුම් දෙකෙහි කඩල පරිප්පු කිලෝ 48,000ක් අඩංගු බවට රේගු ප්‍රකාශනයේ සදහන් කර තිබුණත් එහි කඩල පරිප්පු අඩංගුව තිබී ඇත්තේ කිලෝ 9,000ක් පමණක් වූ අතර ඉතුරු කිලෝ 39,000 උදු අඩංගු බවට රේගු නිලධාරින් විසින් සොයා ගන්නා ලදි.
මෙම උදු තොගයේ වෙළෙදපොල වටිනාකම රුපියල් 62,400,000ක් වන බවට ගණන් බලා ඇති අතර එම උදු තොගය රේගුවට හසු නොවී නිදහස් වූවානම් ඉන් රජයට රුපියල් 7,800,000ක් බදු ආදායම අහිමි වීමට ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරින් විසින් වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන අතර විමර්ශණ අවසානයේ රේගු පරීක්ෂණය පවත්වා භාණ්ඩ සියල්ල රාජසන්තක කර සැකකරුට දඩ නියම කිරීමට නියමිත බව සදහන්.