හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ පාර්ලිමේන්තු කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවට පොලීසිය පවසයි.
මෙම පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය පානය කරන බවට ලද තොරතුරක් මත පසුගිය පස්වැනිදා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර මුත්‍රා සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වූ බවට පොලීසිය පවසයි.














































