මංගල රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් වූ යුවළක් පිළිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
මෙම යුවළ විවාහය දා රාත්‍රියේ චාරිත්‍රානුකූලව නිවසේ නතර වී ඇති අතර , පසු දින උදෑසන ඥාතීන් පැමිණ කතා කළ ද ඔවුන් කාමරයෙන් එළියට පැමිණ නොමැත.පසුව එම කාමරයේ දොර ඉවත් කර පරීක්ෂා කිරීමේ දී ඔවුන් දෙදෙනා කාමරය තුළම ජීවිතක්ෂයට පත් වී ඇති බව අනාවරණය වී තිබේ.
පිරිසිදු වාතාශ්‍රය නොමැතිකම නිසා ඇති වූ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් හෘදයාබාධයෙකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදු කළ විමර්ශනවලින් හෙළි වී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 හැවිරිදි සහ 20 හැවිරිදි යුවළකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබන අතර මෙම යුවළ නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සිදු කර ඔවුන් අනුභව කරන ලද ආහාර සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කරයි.















































