පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වේ .
පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අද (25) අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය නිකුත් කර තිබෙන බව සඳහන් .
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳකුටි බාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි පොදු වෙළෙඳ සංගමය හෙට (25) වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබූ අතර මෙම වර්ජනය මඟින් මහජන පීඩාවක් ඇතිවිය හැකි බව පොලිසිය විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරමින් සඳහන් කර තිබේ.
ඒ අනුව අදාළ නියෝගය නිකුත් කර ඇති අතර මැනිං මාර්කට් පොදු වෙළෙඳ සමිතියේ සභාපති, ලේකම් ඇතුළු සමාජිකයන්ට මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම තහනම් නියෝගය නොතකා උද්ඝෝෂණය කළහොත් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(3) වගන්තිය යටතේ ක්‍රියාකිරීමට පොලීසියට හැකියාවක් තිබෙන බවත් , එම නියෝගය කඩ කිරීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 185 වන වගන්තිය ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක් බවත් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර තිබේ .