සිංගප්පූරුවේදී රටවල් අටක් අතර පැවති Lion City Cup Karate Champion Ship – 2023 තරගාවලිය සඳහා ඉදිරිපත් වූ ශෙනුෂී තමාෂා ක්‍රීඩිකාව වයස අවුරුදු 15 න් පහළ (කාන්තා) ” කාතා ” ඉසව්වෙන් රන් පදක්කමත් , ” කුමිතෙ ” ඉසව්වෙන් රිදී පදක්කමක් හිමිකර ගැනීමට සමත්වූ බව වාර්තා වේ.
ගම්පහ , මිරිස්වත්ත කැප්පෙටිපොල මහ විදුහලෙහි 10 ශ්‍රේණියෙහි ඉගෙනුම ලබන මැය 3 ශ්‍රේණියේදී කරාතේ ක්‍රීඩාවට යොමුව ඇති අතර 2019 සහ 2020 යන වර්ෂයන්හිදී සමස්ත ලංකා ප්‍රථම ස්ථානයන්ද හිමිකරගෙන ඇති බව සදහන්.
මැයගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන්නේ ධනුක පියුමාල් මහතාය.
විෂය සහ විෂය බාහිර කටයුතුවලදී දක්ෂතා දක්වන මැය විද්‍යාලයීය අපරදිග තූර්ය වාදක මණ්ඩලයේ නායිකාවද වූ බව සදහන්.
මෙම සිසුවිය කැප්පෙටිපොල විදුහලට මෙන්ම ශ්‍රී ලංකාවට හිමිකර දුන් ජයග්‍රහණය වෙනුවෙන් විද්‍යාලයේ උපහාර පිදීමේ උත්සවයක් එම විදුහල්පතිනී ශාන්තී විජේසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි














































