දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කර ඇති බව වාර්තා වේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් මෙම රිට් පෙත්සම ගොනුකර තිබූ බව සදහන්.
මෙම පෙත්සම අද (22) අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝබර් මස 4 වනදා කැඳවන ලෙසයි.
බුදුදහම ඇතුළු අන්‍යාගම්වලට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඒ පිළිබඳව කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවේ කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කාර දේවගැතිවරයා ප්‍රකාශ කර තිබේ.
එම විමර්ශනය සිදුකරන ආකාරය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවද ඔහු කියා සිටී.














































