ඊයේ (24) මුතුපන්තිය වෙරළට ගොඩ ගසා තිබියදී බිළිඳු මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ .
ඒ අනුව දරු ප්‍රසුතියකින් පසු අසාධ්‍ය තත්ත්වයේ සිටි එහෙත් බිලිඳෙක් නොමැති කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන් .
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, හලාවත – දැදුරුඔය ජල ටැංකිය ගම්මානයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි.
වාර්තා වන ආකාරයට මෙම කාන්තාව පසුගිය දිනවල දරුවෙකු ලැබීමට ආසන්න තත්ත්වයේ සිට ඇති අතර දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වන බව පවසා නිවසින් පිටත්ව ගොස් තනිවම ආපසු පැමිණ තිබේ
පොලීසිය පවසන්නේ ඒ අනුව සිදුකළ විමර්ශනයකින් පසුව සැකකාරියව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවයි.
අවිවාහක කාන්තාවක් වන මෙම කාන්තාව මේ වනවිට දරුවන් 6 දෙනෙකු ප්‍රසූත කර ඇති නමුත්, එම දරුවෙකු හෝ ඇය සමඟ වාසය නොකරන බව ද අනාවරණය වී තිබේ .
නමුත් මෙවර තමාට හිමිවූ දරුවා පිළිබඳව ද ඇය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර බිලිඳු මළ සිරුර පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
ප්‍රසූත කළ දරුවා අතුරුදන් කිරීම සම්බන්ධයෙන්ද හලාවත මහෙස්ත්‍රාත්වරයා හමුවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .














































