අද (26) දින පස්වරුවේ අලුත්ගම සතිපොළ ආසන්නයේ බෙන්තොට ගගේ ඉවුරට ගොඩ ගසා තිබූ මළ සිරුරක් අලුත්ගම පොලීසියට ලද තොරතුරකට අනුව සොයා ගත් බව වාර්තාවේ.
මිය ගිය පුද්ගලයා දිනකට පෙර සිට නිවසට නොපැමිණි බව පවසා ඥාතීන් විසින් බෙන්තොට පොලීසිය වෙත පැමිණිල්ලක් ද කර තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බෙන්තොට, ගලපාත, වඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි විවාහක පුද්ගලයකු බව අලුත්ම පොලිසිය සදහන් කර තිබේ.
ඒ අනුවපොලීසිය සැකකරනුයේ, පොලිසිය විසින් කරණ ලද විමර්ශනයන්ට අනුව බැලීමේදී බිමතින් ගං ඉවුරේ සිටියදී ගගට වැටී ඇති බව යන්නයි.














































