අද (17) උදෑසන මොනරාගල , කුඹුක්කන , වේලච්චි කඩේ ප්‍රදේශයෙන් කපා කොටා ඝාතනය කළ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව වාර්තා වේ .
පවුල් ආරවුලක් හේතුවෙන් මරණකාරියගේ සැමියා විසින් මෙලෙස ඝාතනය කර ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
මෙලෙස ඝාතනය වී ඇත්තේ මොනරාගල , කුඹුක්කන , වේලච්චි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .
එමෙන්ම මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සහ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මොනරාගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.














































