බෙල්ලන්විල මහරගම පාර පාලම අසල ස්වයං රැකියා වෙළද කුට් පිටුපස ඇළ මාර්ගයේ තිබී අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (30 ) දින උදෑසන හමුවී ඇති බව වාර්තා වේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ බොරලැස්ගමුව මැටිසුද්ධාගාර පාර වේරහැර පදිංචිව සිටි වල්ලහා ගොඩවත්ත මුදියන්සේලාගේ මොනිකා නම් 62 හැවිරිදි විවාහක කාන්තාවක් බවට පොලීසිය පවසයි.
ඒ අසල ඇළ ඉවුර මත තීබී ඇයගේ බවට සැකකරන පොලිතින් උර මල්ලක් තිබී ඇති බවත් ඒ තුල ඇයගේ ජාතික හැදුනුම්පත අස්ථාන ගතවූ බවට කළ පොලිස් පැමිණිලි පතක්ද තිබී ඇති අතර , ඇය හැද සිටි ඇඳුම් වැටේ එල්ලා තිබූ බව වාර්තා වේ.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ වැඩ බලන මහේස්ත්රාත් තිස්ස විජේරත්න මහතා මූලික මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර කලුබෝවිල මෘත ශරීරාගාරය වෙත යොමුකර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට වාර්තාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියෝග කල අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු බොරලැස්ගමුව පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.