වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී කැළණි ගං ඉවුරේ නාදුනන පිරිමි පුද්ගලයෙකුගේ නරක් වූ මළ සිරුරක් පාවෙමින් තිබිය දී සොයා ගෙන ඇති බව වාර්තා වේ.
මරණකරු කළු ඉරි සහිත අත් කොට කමිසයක් ඇඳ සිට ඇති අතර ඔහුගේ උස අඩි 05 අගල් 06 ක් පමණ වූ පුද්ගලයෙකු බව සඳහන්.
හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත දේහය රාගම රෝහලේ තැන්පත් කර තිබේ.














































